kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


09
May
2023

හිස්තැන් පුරවන කියවීම

හිස්තැන් පුරවන කියවීම

''වසා දැමූ පොත් කඩදාසි ගොඩක් පමණි.'' කියවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ජා කිරීමේදී මෙම කියමන නිරායාසයෙන් මතකයට එයි. කෙතරම් වටිනා පොතක් වුවත් කිසිවෙක් එය කියවන්නේ නැත්නම්, එයින් යමක් ඉගෙන ගන්නේ නැත්නම් එම පොත කිසිදු වටිනාකමක් නොමැති කඩදාසි ගොඩක් පමණි.

මුද්දර එකතු කිරීමද පොත් කියවීම වැනිය, මුද්දර එකතුවක් ඇසුරුම් පොත්වලට (Album) සීමාකර තිබීමද නොකියවනා පොතක් බඳුය. මුද්දරයකද පොතක මෙන්ම අකුරු, ඉලක්කම්, වර්ණ, හැඩතල, පිංතූර, සංකේත යනාදියෙන් සමන්විතය. එමෙන්ම, පොතක මෙන්ම මුද්දරයේද මතුපිට (surface level) සහ ගැඹුරු මට්ටම (deep level) කියවිය හැකිය. විශ්ලේෂණය කිරීම සහ සංසන්දනය කිරීම තුලින් මුද්දරය කියවීමට ගැඹුරු අර්ථයක් ලැබේ.

මුද්දර පොත් නොවන කියවීම් (Non-book reading material) ඝනයට අයත්වේ. මුද්දරයේ අන්තර්ගතය සන්නිවේදනය කිරීම සඳහා සීමිත මතුපිට ප්‍රදේශයක කෙටි සහ ව්‍යුක්ත පෙළ, වර්ණ, චිත්‍රක සහ සංකේත භාවිතා කිරීම අනෙකුත් පොත් නොවන ද්‍රව්‍යවලින් මුද්දරය වෙනස් කරන ප්‍රධාන ගුණාංගයයි.

කැනඩාවේ තැපැල් ප්‍රජා පදනම (Canada Post Community Foundation) විසින් යෞවනයන්ගේ ජීවිත පොහොසත් කිරීම සඳහා කතන්දර සහ කතන්දර කීමේ බලය තුලින් ජීවිතය ආලෝකයෙන් බබළවන විශේෂ මුද්දරයක් 2023 මැයි 01 දින නිකුත් කරන ලදී.

කතන්දර සහ කතාන්දර මගින් ඇති කරන ප්‍රීතිය මෙන්ම ඒවායින් ඇති කරන නිර්මාණශීලිත්වය සහ කුතුහලය ද මුද්දරය අපට මතක් කර දෙයි.

"කියවන මුද්දර", මතකයේ රැඳෙන කතන්දරයි .....



© kiyawanamuddara 2020 | Solution by 4meli.com