kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
October
2022

උතුරෙන් මතුවූ මුද්දර විනෝදය

මේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රටපුරා මහජන පුස්තකාල කියවීම ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන කාලයකි. සාම්ප්‍රදායක කියවීමේ සහ රසවින්දන වැඩසටහන් අතුරින් අලුත් අදහස් ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙනි. එවැනි පසුබිමක උතුරුකරයෙන් අලුත් ආකාරයේ කියවීමක් අපගේ නෙත ගැටුණි.

යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන චුන්නාකම් මහජන පුස්තකාලය මඟින් සංවිධානය කරන ලද "ළමා කියවීමේ කවය" වැඩසටහන යටතේ ඉතා ජනප්‍රිය විනෝදාංශයක් වන මුද්දර එකතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම්, පැහැදිලි කිරීම් හා සිසුන් අතරට නැවත එය හඳුන්වාදීමේ අගනා ප්‍රයත්නයක් සිදු කරමින් පවතී. පවතින සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝගිකර ගනිමින්, ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා එම පුස්තකාලය ගනු ලබන උත්සාහය ඉතා අගනේය. තැපැල් මුද්දර යනු අවම පිරිවැයක් යටතේ උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි කියවීමේ උපකරණයක් බව පුස්තකාලධිපතිනිය වන ජයලක්ෂි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වටහාගෙන තිබීමම බොහෝ සතුටුදායකය.

"ජනතාවගේ දෛනික කටයුතු වලදී ලාභදායි සහ පහසු සන්නිවේදන සේවාවකට පරිභාහිරව තැපැල් මුද්දරය මානව වර්ගයාගේ ප්‍රගතියේ සංකේතයකි. ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වයේ බැඳීමක් ලෙස ක්‍රියා කිරීමයි තැපෑලේ සුවිශේෂිත්වයයි" යනුවෙන් පණ්ඩිත් ජවහාල්ලාර් නේරු ප්‍රකාශ කර ඇත.

(The Postage stamp is a symbol of the progress of mankind and symbol of service. And apart from the daily utility as a means of easy and cheap communication, the greater service it has done is that it acts as a bond of unity and brotherhood between nations and people - Pt Jawaharlal Nehru)

මුද්දර එකතු කිරීම කාලයක් තිස්සේ ප්‍රගුණ කල යුතු විධිමත් සහ සංවිධානාත්මක කටයුත්තකි. එසේම, මුද්දර එකතු කිරීම එම මුද්දර හැදෑරීමට හා විධිමත්ව කියවා ගැනීමට පහසු මඟකි. එකතු කිරීමෙන් පරිබාහිරව මුද්දරය අගනා ඉගෙනුම් මෙවලමක් බව මේ දරුවන්ට ඒත්තු ගැන්වීම සඳහා සුදුසු පරිසරයක් සැකසීමට "කියවන මුද්දර" අප බලාපොරොත්තු වෙමු. මුද්දර විනෝදයේ යෙදෙන ඔබේත් සමාජ වගකීමක් ලෙස සලකා මෙම දරුවනට සහාය වන්නැයි අපි ඔබටත් ආරාධනා කරමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com