17
August
2022
2022 අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබෙන අතර මේ අනුව සාමාන්‍ය ලිපියක් සඳහා වූ රුපියල් 15ක ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ නංවා තිබේ.
ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දැමේ.
පුණ්‍යායතන, ස්වේච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තුමත ලිපි තැපැල් කිරීමට දෙන පහසුකම යටතේ උපරිමය ග්‍රෑම් 20ක් දක්වා වූ ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 30 දක්වා සංශෝධනය කර තිබේ.
කොළඹ නාගරික බල ප්‍රදේශය තුල ලිපි බෙදා හැරීමේ තැපැල් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 30 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇති අතර විවෘත මුද්‍රිත ද්‍රව්‍ය පැකට්ටු ලිපි සේවාවේ ගාස්තුවද රුපියල් 12 සිට රුපියල් 30 දක්වා වැඩි කර ඇත.
තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ පුවත්පත් ප්‍රකාශන හා සඟරා සඳහා වූ ආරම්භක ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 20 දක්වා වැඩි කර ඇත. මෙම සේවාව මගින් යොමු කළ හැකි පාර්සලයක උපරිම බර කිලෝ එකක් වන අතර එවැනි පාර්සලයක් තැපැල් මගින් යැවීමට රුපියල් 110ක මුදලක් වැය වෙයි. සාමාන්‍ය තැපෑල යටතේ යොමු කරන ග්රූම් 250 තැපැල් භාණ්ඩ ලිපි සඳහා පැවැති රුපියල් 90ක මිල රුපියල් 150 දක්වා වැඩි කර තිබේ.
මේ අතර තැපැල් පතක මිල රුපියල් 10 සිට රුපියල් 20 දක්වා වැඩි කර තිබේ. රුපියල් 18ක් වූ කුඩා මුද්දර කවරයක් රුපියල් 60 දක්වාත්, රුපියල් 20ක් වූ විශාල මුද්දර කවරයක් රුපියල් 70 දක්වා සංශෝධනය කර තිබේ.
තැපැල් ගාස්තු සංශෝධනයට සමගාමීව මුදල් ඇණවුම් සේවාව හරහා පේෂණය කළ හැකිව තිබූ රුපියල් 50,000ක් වූ උපරිම මුදල් සීමාව රුපියල් ලක්ෂයක් දක්වාත් වැඩි කර තිබේ.
මීට අදාල ගැසට් නිවේදනය මෙතැනින් බලන්න:
සිංහල: http://www.documents.gov.lk/files/egz/2022/8/2292-13_S.pdf
දෙමල: http://www.documents.gov.lk/files/egz/2022/8/2292-13_T.pdf
ඉංග්‍රීසි: http://www.documents.gov.lk/files/egz/2022/8/2292-13_E.pdf
© kiyawanamuddara 2020 | Solution by 4meli.com