21
July
2022
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 21 (අද) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම්දීම සිදුකල අතර, ඔහු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් පත්වූ ප්‍රථමයා ලෙස ඉතිහාස ගතවනු ඇත.
ජූලි 21 දිනය ලෝක ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වන සිදුවීම් අතරට ලංකා දේශපාලනයද සම්බන්ධවීම සතුටට කරුණකි.
ඇපලෝ 11 යානාව මඟින් මිනිසා පළමුවරට 1969 ජූලි 20 වන දා සඳ මත පාතැබීම සිදුකළ අතර, එම භාග්‍යය හිමිකරගත්තේ නීල් ආම්ස්ට්‍රෝන්ග් විසිනි. එඩ්වින් ඕල්ඩ්‍රින් දෙවනුව සඳ මත පාතැබූ අතරතුර ඔවුන්ගේ අනෙකුත් සඟයා වූ මයිකල් කොලින්ස් මවු යානය හසුරුවා ගනිමින් චන්ද්‍රයා වටා කක්ෂගත වී රැඳී සිටියේය. ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ මිනිසා සඳ ජයගැනීමේ 53 වන සංවත්සරය ඊයේට යෙදී තිබිණි .ඇපලෝ යානය චන්ද්‍රයා වෙතට ගොඩබසිනු ලැබුවේ ඇමරිකානු වේලාවෙන් පස්වරු 8.17 පමණ වන අතර එය ලංකාවේ වේලාවෙන් ජුලි 21 දින අලුයම ය .
එමෙන්ම 1960 ජූලි 21 ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූවා ය. 1960 වර්ෂයේ පැවති දෙවන මහ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රට පාලනය කිරීම සඳහා පහසු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ ය. එතුමිය ඡන්දයෙන් තේරී පත්වූ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියයි. 1960 ජූලි 21 දින සවස 4.30ට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ ඔහුගේ නිවසේ දී බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දුන්නා ය.
1977 ජුලි 21 දින පවතී මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වය දරන ලද එක්සත් ජාතික පක්ෂයට හැකි විය. එහිදී පාර්ලිමේන්තු ආසන 168 න් 140කම බලය ලබාගෙන 6/5 බලයක් ලබාගත්තේය .1977 ජූලි 23 දින සිට අගමැති ධූරයේ කටයුතු කල ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්විය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා 1977 ජූලි 21 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනය ජයග්‍රහණය කරමින් තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහුගේ දේශපාලන ගමන් මඟට අදට වසර 45 කි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන ගුරුහරුකම් වලින් පෝෂිත වූ රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිට මෙරට 8 වන විධයක ජනාධිපති ලෙසින් කටයුතු කරන ආකාරය ඉතිහාස ගත වනු ඇතිද යන පැනය අපි අනාගතයට බාර දෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com