kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


31
March
2022

බලශක්ති අර්බුදය එදා, අද සහ හෙට

හද්දා පිටිසර
මා උපන් ගම
විදුලි එලියෙන් එළිය කරනට
පහන් කණු පෙල නැගී එන විට
හදිසියේ සිහි උනා ඔබ මට

අරිසෙන් අහුබුදු ශූරීන් මෙලෙසින් සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සැබෑ දක්ෂයකුගේ අප්‍රතිහත ධෛර්‍යයයි.

ශ්‍රී ලංකාවේ විදුලි වංශ කථාවේ ඓතිහාසික විකාශනය හා හැඩගැස්වීමේ ප්‍රධාන බලවේගය වන්නේ ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන්ය . රටට අවශ්‍ය එළිය සහ බලය නිපදවා ගැනීම සඳහා බලශක්ති ස්වාධීනතා අරගලයට මුල පිරුම වූයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද "ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය" (‘Economics of Hydro Power Utilization in Ceylon‘) නමින් 1918දී ඉංජිනේරු ආයතනයට ඉදිරිපත්කල පර්යේෂණ වාර්තාවයි.

ශත වර්ෂයකට අධික ඉතිහාසයක් සහිත මෙරට විදුලි වංශ කතාවේ වත්මන් පරිජේදය අපට කියා දෙන්නේ දුර නොදකින සහ දුර නොබලන අය පැහැර හරින ලද ජාතික වගකීමයි.

ජාතියක් එළිය කල ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන් සමරනු වස් විමලසුරේන්ද්‍ර ඡන්ම ශත සංවත්සරය සපිරිනු දින (1975 සැප්තැම්බර් 17) නව සමරු මුද්දරයක් නිකුත් කරන ලදී .

විමලසුරේන්ද්‍රයන් ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න: https://web.archive.org/.../www.elect.mrt.../djw_paper.htm



© kiyawanamuddara 2020 | Solution by 4meli.com