19
February
2022
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ (Sri Lanka Library Association - SLLA) තොරතුරු සහ මහජන සම්බන්ධතා කමිටුව මගින් සංවිධානය කරන ලද 5 වන අතත්‍ය "සංකථන" දේශනය "කියවන මුද්දර තුළ සැඟවුණු අතීත විඥාපන" 2022 පෙබරවාරි 19 දින විශාල සහභාගීත්වයකින් යුතුව Zoom හා Skype තාක්ෂණය ඔස්සේ පැවැත්විණ. දේශනය මෙහෙය වූයේ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය එස්. කේ. ඉලංගරත්න මහතා විසිනි.
ඔවුන් පැවසූ පරිදි ප්‍රථම වතාවට සියළු ආසන පිරී පැවතුනු හා සමගාමීව බොහෝ දෙනෙකු Youtube ඔස්සේ නැරඹූ මෙම දේශනය අළුත් ආකාරයේ කියවීම් සඳහා පුස්තකාල ක්ෂේත්‍රයේ සහ පොදු පාඨක ජනතාවගේ වන නොතිත් උනන්දුව කියා පායි. එවන් විශාල සහභාගීත්වයක්, ප්‍රතිචාරයක් හා උනන්දුවක් මේ වෙනුවන් හිමිවීම පිළිබඳව ඉතා නිහතමානීව සතුටු වෙමු. ඔබටද මෙම දේශනය https://youtu.be/9QsAEKot9yA ඔස්සේ නැරඹිය හැක.
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද තිස්ස මහතාණන් ඇතුළු සමස්ත කණ්ඩායමම ඉතා විධිමත් හා වෘත්තීය මට්ටමින් සංවිධානය කරන ලද මෙවන් ප්‍රවේශ කියවීම දියුණු කිරීම සඳහා මහඟු අත්වැලකි. ඒ සඳහා උනන්දුවක් දක්වන පාඨක ප්‍රජාවට සැබැවින්ම නැවුම් අත්දැකීමකි. කදිම මඟ පෙන්වීමකි. එම ඉඩහසර වෙනුවෙන් ඔවුන් වෙත හෘදයාංගමව ස්තුතිවන්ත වෙමු.
මුද්දර දෙස අළුත් ඇසකින් බැලීමට තවත් දිනෙක හමුවෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com