kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
January
2022

රට සරු කරන්නට මහවැලි කුමාරිය - අට වැනිදා යයි මංගල සවාරිය ....

ඕනෑම රාජ්‍යයක් විසින් නිකුත් කරන ලද තැපැල් මුද්දර, තම ජනතාව සහ බාහිර පාර්ශ්වයන්ට රජයේ දර්ශනය පැහැදිලිව දෘශ්‍යමාන වන ලෙස සැලසුම් කෙරේ. රාජ්‍යයක්, තමාට අත්කර ගැනීමට අවශ්‍ය ප්‍රතිඵල අනුව තම තැපැල් මුද්දරවල පෙන්විය යුතු දේ සහ සැඟවිය යුතු දේ ඉතා ප්‍රවේශමෙන් තෝරා ගනී. තැපැල් මුද්දර මත ප්‍රකාශ කරන පණිවිඩය, පෙළ, අංක සහ රූපවල එකතුවේ ප්‍රතිඵලයකි. විවිධ ආකාරවලින් පෙළ සහ රූපය ඒකාබද්ධ කිරීම පුළුල් පරාසයක අර්ථයන් ඇති කළ හැකිය. එම අර්ථයන් රූප සමඟ ඒකාබද්ධ වූ පසු මතු කරන පෙළ කියවාගැනීම සඳහා දෘශ්‍ය සාක්ෂරතා (visual literacy) ඉගෙනීමක් අවැසිය.

1976 ජනවාරි 8 පොල්ගොල්ල වේල්ලෙන් මංගල දියවර මුදාහැරීමේ යථෝක්ත මුද්දරය කියවිය යුත්තේ එවැනි පසුබිමක් යටතේය. එය නිකුත් කල ජනවාරි 8 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය වීම අහම්බයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com