kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
October
2021

2021 ඔක්තෝබර් 01 -

සැනසිලිදායක වදනක්, සුභ පැතුමක්, ආශීර්වාදාත්මක වැකියක් සහිත තැපැල්පතක් ඔබව නිසැකවම පුදුමයට පත් කරාවි. එවැනි තැපැල්පතක් ඔබේ නමට ලැබීමේ ප්‍රීතියට සමාන කිසිවක් නොමැති අතර, ලෝක තැපැල්පත් දිනයේ (World Postcard Day) අරමුණ වන්නේ එම ප්‍රීතිය හැකිතාක් දුරට මිනිසුන් අතරට ගෙන ඒමයි. එලැඹෙන ඔක්තෝබර් 1 දා මෙම විශේෂ සන්නිවේදන මාධ්‍යය සැමරීම සඳහා ලෝකයම සුදානම් වන මොහොතක තැපැල්පත් සහ මුද්දර කිහිපයක් ගෙන ඔබටත් ඒ සඳහා දායක විය හැකි අවස්ථා පිළිබඳ කෙටි මඟ පෙන්වීමකි මේ.

ඔබේ සියලු ඥාතීන්, දෙමව්පියන් සහ වැඩිහිටියන්, දුර බැහැර ජීවත් වන පවුලේ සාමාජිකයින්, අපගේ අසල්වාසීන් හෝ ඔබ විශේෂයෙන් අගය කරන අයට තැපැල්පත් යැවිය හැකිය. මේ වසංගත කාලසීමාවේ අප වෙනුවෙන් කැපවී කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන, එන්නත්කරන මධ්‍යස්ථාන වල සේවයේ නියුතු කාර්ය මණ්ඩල, පොලීසිය සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශයේ සේවක මණ්ඩල ආදී වශයෙන් මේ කණ්ඩායම ඉතා දිඟුය.

එමෙන්ම, දිඟු කාලසීමාවක් පාසල් නොයා නිවසටම කොටුවි සිටිනා අපගේ දුවා දරුවන්ට තැපෑලෙන් ලිපියක්, තැපැල්පතක් ලැබීම අපූර්ව සතුටක් වනු ඇත. ඔවුන්ව මවිතයට පත් කිරීමේ පළමුවැන්නා ඔබ විය හැකිය!

සාත්තු නිවාසවල සිටින වැඩිහිටි පුද්ගලයින්ට හුදකලාව දුරුකර, ඔවුන් තුළ යම් ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මෙය කදිම අවස්ථාවකි.

ගුරුවරුන් සහ උපදේශකයින් ඔබේ ජීවිතයේ කළ කල්පවත්නා බලපෑම ගැන හෝ ඔබට මතක ඇති වැදගත් පාඩම් ගැන ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගන්න.

ඔබ මෙතෙක් කලක් ඔබ නොදැක සිටි මිතුරන් සමඟ සම්බන්දවන්න; ඔබ ඔවුන් ගැන සිතන බව ඔවුන්ට දන්වන්න.

තැපැල්පතක් යොමු කරන්න!
තැපැල්පත් සැමරීමට ඇති පහසුම ක්‍රමය නම් ඒවා භාවිතා කිරීමයි! ඔබත් තැපැල්පත් යැවීමට යම් කාලයක් වෙන් කරන්න..

2021 ලෝක තැපැල්පත් දිනය සඳහා නිල තැපැල්පත වෙනුවෙන් සිතුවම තෝරා ගැනීමේ තරගයෙන් ෆයින් පේපර් (Finepaper) සහ පෝස්ට් ක්‍රොසිං (Postcrossing) විසින් සංවිධානය කරන ලද අතර, මේ සමඟ ඇති නිර්මාණය වසරේ ජයග්‍රාහී තැපැල්පත බවට පත්විය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com