kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


25
October
2021

.පාත්ෆයින්ඩර්ස් මුද්දර ප්‍රවීණතා කුසලතා වැඩමුළුව - 2 වන අදියර

පාත්ෆයින්ඩර්ස් (Pathfinders) යනු හත්වන දින ඇඩ්වෙන්ටිස්ට් පල්ලියේ (Seventh-day Adventist Church - SDA) විශේෂයෙන් සකසන ලද ක්‍රියාකාරකම් පදනම් කරගත් ජාත්‍යන්තර ආගමික සංවිධානයකි. සිය ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි අධ්‍යාත්මික අවධාරණයක් ලබා දෙන අතරතුරම, ළමයින්ගේ සහ නව යෞවනයන්ගේ සංස්කෘතික, සමාජීය හා ආගමික අධ්‍යාපනය සමඟ පුළුල් පරාසයක කුසලතා වර්ධනය වෙනුවෙන් කටයුතු කරනා බාලදක්ෂ ව්‍යාපාරයට බොහෝ ආකාරවලින් සමාන වූ මෙම සංවිධානය, පුහුණු ස්වෙච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබයි.

ඔවුනගේ Stamps honor වැඩසටහන වෙනුවෙන් නිර්දේශිත විෂය ක්‍රියාකාරම් ආවරණය සඳහා අවැසි මඟ පෙන්වීම ලබාදීමේ අවස්ථාව "කියවන මුද්දර" අපහට හිමිවිය. විශාල සහභාගිත්වයක් සහිතව සිංහල හා දෙමළ බසින් මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක වැඩමුළුව 2021 ඔක්තෝම්බර් 10 වන දින පැවැත්වූ අතර එහි දෙවෙනි අදියර පසුගිය 2021 ඔක්තෝබර් 24 වන දින පවත්වන්නට යෙදුනි.

ප්‍රථම වැඩසටහන ලෙසින්ම මේ සඳහාත් ඉතා උද්යෝගීමත් සහභාගීත්වයක් හිමිවූ අතර, මේ සදහා මූලිකත්වය ගත් එලන් රෝස් මහත්මිය ඇතුළු පාත්ෆයින්ඩර් සමාජයේ නිලධාරීන් හා සියලුම සාමාජිකයින්ට අපගේ ස්තුතිය.

මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙසින් මාතෘකාවක් තෝරාගෙන මුද්දර ප්‍රදර්ශනයක් සඳහා සුදුසු අවම වශයෙන් පිටු නවයකින් සමන්විත ප්‍රදර්ශකයක් නිර්මාණය කිරීම සඳහා අවැසි මඟ පෙන්වීම ක්‍රියාත්මක වේ.

එදිනට, නැවත හමුවෙමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com