kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
September
2021

කෞතුකාගාරය තරම් වෙන තැනක් කොහිද ඇත්තේ ...

තැපැල් මුද්දර මඟින් රාජ්‍යයක උරුමයන් සහ ලෝක දෘෂ්ඨිය  පිළිබඳ වැදගත් දෘශ්‍යමාන  පණිවිඩ ලබා දේ. ඒවා සිය රටේ දේශසීමා තුළ ජීවත් වන අය සහ ඉන් ඔබ්බට සිටින අය විසින් දකින රාජ්‍යයේ නිල දෘශ්‍ය මෙවලම්ය.
(Postage stamps convey important visible messages about a state’s heritage and worldview. They are images or official visible products seen by those living within the state’s borders and those beyond.)
තැපැල් මුද්දර දෘශ්‍ය සංස්කෘතියේ සැලකිය යුතු නමුත් බොහෝ දුරට නොසලකා හරින ලද අයිතමයකි. (Postage stamps are a significant but largely overlooked item of visual culture). ඒ නිසා බොහෝවිට මුද්දරය, මුද්දර එකතු කරන්නන්ට පමණක් සිමාවේ. එනමුදු ලෝකයේ බොහෝ රටවල් වර්තමානයේදී  මුද්දරය අතීතය නියෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව  කෞතුකාගාර සමග එක්ව ඓතිහාසික ‘කතන්දර අවකාශ’ (historical ‘story space’) නිර්මාණය කරමින් පවතී.
කෞතුකාගාරයක් යනු ඓතිහාසික, විද්‍යාත්මක සංස්කෘතිකමය හා සෞන්දර්යාත්මක අගයකින් යුතු භාණ්ඩ සංරක්ෂණය කරනු ලබන ස්ථානයයිකි. ක්‍රි. පූ. 3 වැනි සියවසේ සිට කෞතුකාගාර සංකල්පය පැවැති බව සඳහන් වුවද, නවීන කෞතුකාගාර සංකල්පය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයන් විසිනි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශාලතම කෞතුකාගාරය මෙන්ම ආසියානු කලාපයේ ඇති බොහෝ කෞතුකාගාරවලට වඩා පැරණි කොළඹ ජාතික කෞතුකාගාරය විවෘත කෙරුණේ වසර 1877 ජනවාරි 1 වන දිනයි.
ලංකාවට මුද්දරය හඳුන්වා දුන්නේද ඉංග්‍රීසි පාලනාධිකාරියයි. ඒ වසර 1857 දීය. එබැවින්, ලංකාවේ මුද්දර ඉතිහාසය, කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉතිහාසයටත් වඩා පැරණිය. 
ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යාංශය සමාරම්භ කිරීමෙන් අනතුරුව පවත්වන ලද දෙවන ජාතික මුද්දර ප්‍රදර්ශනය වසර 1982 දී පවත්වන ලද්දේ කොළඹ ජාතික කෞතුකාගාරයේ දීය. එය එතනින් නිමාවිය. එතැන් සිට ලංකා කෞතුකාගාර ඉතිහාසයෙන් "තැපෑල සහ මුද්දරය" ව්‍යුක්ත වූ බව නොරහසකි. එහි මුද්දරය සඳහා අවකාශයක් විවර නොවීම මෙරට "මුද්දර සංස්කෘතියේ" තරම පෙන්වාදීමකි.
මුද්දරයේ සහ තැපැලේ ඉතිහාසය සුරැකීමට කෞතුකාගාරය තරම් වෙන තැනක් කොහිද ඇත්තේ?
අපි එය කැනඩාවෙන් ඉගෙන ගනිමු.
කැනේඩියානු ඉතිහාස කෞතුකාගාරයේ  (Canadian Museum of History) ඇති කැනේඩියානු මුද්දර 3,000 කට ආසන්න එකතුවෙන් ඔවුන්ගේ කතා  3000 කට ආසන්නව අත්විඳීමට පැමිණෙන ලෙස ඔවුන් ඔබට ආරාධනා කරයි. ඒ අතරම, ප්‍රදර්ශනයට තබා ඇති සෑම මුද්දරයකම මතුපිට සහ  තිරය පිටුපස කතන්දර කියවීමට සහ  ඒවා  අද්විතීය කෞතුක වස්තුන් ලෙස ඇගයීමට ඔවුන් ඔබට මඟ පෙන්වයි.
කැනඩාවට, මුද්දරය යනු තම රට ගැන කියා දෙන පාඩමකි. කැනඩාව සිය සමාජීය, සංස්කෘතිය, පරිසරය, ඉතිහාසය, ආර්ථිකය, දේශපාලනය, ක්‍රීඩාව, සන්නිවේදනය සහ මහජන සම්බන්දතා  ආදී අනේක විධ  පැතිකඩයන් නිර්මාණාත්මකව ගවේෂණය කිරීමට සලසන මෙම අවකාශය හරි අපූරුය.
ලොව බොහෝ දියුණු රටවල් සිය රටවල් ගැන පාඩම් කියා දෙන්නේ එලෙසිනි.
මුද්දරය ගැන අලුත් විදිහකට සිතීම, රට ගැන අලුත් විදිහකට සිතීමකි.
එන්න, ඔබත් අලුත් විදියකට සිතන්න ...

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com