26
October
2017
ඩී.බී.ධනපාල සමරු මුද්දර නිකුතුව
සිංහල පුවත්පත් කලාවේ නිම්වළලු පුළුල් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩී.බී.ධනපාල මහතා දකුණු ලක තිස්සමහාරාමයේ දී 1905 ජනවාරී 5 වැනිදා උපත ලැබීය. ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත්වු ධනපාල මහතාඑවකට එහි විදුහල්පති එෆ්. ජි. පියර්ස් මහතාගේ මග පෙන්වීම යටතේඅධ්‍යාපන කටයුතු වල නිරත විය. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ දක්ෂයකු වු බැවින් පාසල් අවධියේම Buddhist Chronicle සගරාවට සාරගර්භ ලිපි රචනා කලේය.ඉක්බිතිව ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රපති (M.A.) උපාධිය ලබා ගත්තේය.
සරසවි අධ්‍යාපනය ලබන අවධියේ සිටම Ceylon Daily News පුවත්පතට ලිපි සපයන ලද අතරඩී.ආර්.විජේවර්ධන මහතාගේ ඇරයුමින් Daily News පුවත්පත් විශේෂාංග කර්තෘ ලෙස පුවත්පත් කලාවට එක්විය. ඔහු ලිපි සපයන ලද්දේ Janus නම් අන්වර්ථ නාමයෙනි.
ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වු ධනපාල මහතා කලක් කැලණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පති ලෙසද සේවය කළේය.ඉන්පසු ධනපාල මහතා ටයිම්ස් ආයතනය සමග එක්ව නව ආරක සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට වෙහෙස විය.1947දී බිහිවු ලංකාදීප එහි ප්‍රතිඵලයයි. ජුලියස් ද ලැනරෝල් මහතාගෙන් පසුව ලංකාදීපයේ කර්තෘත්වය 1940 දී ධනපාල මහතාට හිමිවිය. 1960 දී ටයිම්ස් ආයතතනය සමග ඇතිවු මතභේදයක් මත ඔහු ලංකාදීපයෙන් ඉල්ලා අස්විය.
1961 දී ධනපාල මහතාගේ මග පෙන්වීම යටතේ ස්වාධීන පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් ‘‘දවස” පුවත්පත දී එළි දැක්විණි. දවස ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කරමින් රිවිරැස, සවස, ගීතාංජලී ,ටිකිරි, ඉරණම, රසකතා, විසිතුර, පෝයදවස, ශ්‍රී සඟරාව, Sun, Weekend ඉංග්‍රීසි පුවත්පත් ද දෙමළ පාඨකයින් වෙනුවෙන් දිනපති, රාධා, තෙත්ති, චින්තාමණී යන පුවත්පත්ද ඇතුළුව මාසික ප්‍රකාශන 16ක් එළිදැක්වීමට ඔහුට හැකි විය.
චරිත කතා රචනයෙහි විශිෂ්ටයකු වු බව Among Those Present (1962),සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ ලියැවුණුMadam Premier(1960) සහ එහි සිංහල කෘතිය වූ “ මැතිනිය” සහ ඉන්දියානු චරිත අළලා ලියැවුණු,Eminent Indians යන කෘතින් කදිම නිදසුන්ය.ලංකාවේ බිතුසිතුවම් පිළිබද ලියැවුණු The Story of Sinhalese Paintings, Buddhist Paintings From Shrines and Temples in Ceylon(1964) සහ මහනාම දිසානායක සමග එක්ව සම්පාදිත “ සිංහල සිතුවම් කලාව ” (1958) ධනපාල විසින් රචිත සෙසු කෘතින්ය.
මුද්දර සාහිත්‍යයමෙරට සිංහල පාඨකයන්ට හදුන්වා දීමට මූලික වූයේ ධනපාල මහතාය.ලංකාදීපයේ ළපටි පෙළ අතිරේකයෙන්ද ,ටිකිරි පුවත්පතේ ටිකිරි මුද්දර සඟරාවද ඊට නිදසුන්ය. ප්‍රැන්සිස් පී.ගුණසේකර මහතාට ලාංකකේය මුද්දර සාහිත්‍යයේ පුරෝගාමියා වීමට මග විවර කර දුන්නේ ධනපාල මහතාගේ නව චින්තනයයි.ටිකිරි මුද්දර සමාජය එවකට අග්නිදිග ආසියාවේ විශාලතම මුද්දර සමාජය වු අතර ලංකාවේ ප්‍රථම ජ්‍යාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය 1966 මැයි 5 සිට 11 දක්වා “ලයනල් වෙන්ඩ්” හිදී පැවැත්වුයේ දවස පුවත්පත් ආයතනයේ අනුග්‍රහයෙනි.
ධනපාල මහතාගේ බිරිඳ වුයේ කලාකාරිනියකවු රතී මෙනවියයි.එම දෙපළට දරුවන් තිදෙනෙකි. ඔවුන් නිහාල්සිංහ, සුරනිමල සහ සුමිතා නම් වේ. ශ්‍රී ලංකා පුවත්පත් ලෝකයට නව මගක් විවර කර දුන් ඩී.බී. ධනපාල මහතා 1971 මාර්තු 18 දින දැයෙන් සමුගත්තේය.
"කියවන මුද්දර " අපගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙම සමරු මුද්දරය 2017 .10.19 දින නිකුත් කරන ලදී.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com