kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


07
May
2020

සිරි සුභ වෙසක් මංගල්‍යක්ම වේවා !!

සිරි සුභ වෙසක් මංගල්‍යක්ම වේවා !!

වෙසක් මස පසළොස්වක ලක් දිනේ අප මුනි බුදු වූනේ
නොයෙක් සුර බඹ සෙනඟ සුරලොව සාදුකාර දෙවමිනේ
සඳහන් පෑවූ විලස තුන්ලොව අඳුර බිඳ ගොස් එළි වුණේ
නිමක් නැති දන සාධු කියමින් ප්‍රීතියෙන් කෙළි කෙළමිනේ
                                      ‘වෙසක් පූජාව’ (සිංහල සාහිත්‍ය වංශය පිටුව 529)

තෙමඟුල සැමරෙන වෙසක් පොහෝ දිනයේදී  ආමිස  හා ප්‍රතිපත්ති පූජාවල නිරත වීම බොදු ජනයාගේ සිරිතය.  බාල, තරුණ, මහලු වැඩිදෙනකු විහාරස්ථාවලට ගොස් සිල් සමාදන් වීම, බණ ඇසීම හා භාවනා කිරීම සිදු කිරීම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වෙසක් පොහොය දිනයේදී ය. 
වෙසක් උත්සවය ක්‍රමිකව විකාශනය වෙමින්  වෙසක් උත්සවය ආශ්‍රයෙන් වෙසක් සංස්කෘතියක් ද බිහි වී ඇත.  භක්ති ගීත ගායනා, වෙසක් කුඩු ප්‍රදර්ශනය, වෙසක් තොරණ ඉදි කිරීම, වෙසක් සැරසිලි සිදු කිරීම නගරයේ මෙන්ම දුඟී පැල්පත දක්වාම විවිධ මට්ටමින් දක්නට ලැබේ.  දන්සල් පැවැත්වීම, වෙසක් නාට්‍ය, වෙසක් ගීත,  වෙසක් සුබපැතුම් යැවීම, වෙසක් පෙරහර සංවිධානය කිරීම ද මෙහිදී දැකිය හැකිය.

"වෙසක් වූ කලී මූලික වශයෙන් ආලෝක උත්සවයකි. අඳුර වැටෙත්ම බොදු ජනයා මැටි පහන්, පාට බකට් ලාම්පු, පාට පාට විදුලි බුබුළු, ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ විවිධ හැඩයේ, ප්‍රමාණයේ හා මෝස්තරයේ වෙසක් කුඩු ආදී නානා මාදිලියේ ආලෝක වර්ග වලින් තම නිවෙස්, පන්සල්, වීදී ආලෝක කරති" යනුවෙන් සිංහල විශ්ව කෝෂයේ සදහන්ය. 

ප්‍රවීණ මුද්දර නිර්මාණ සැළසුම්කරුවෙකු වන සනත් රෝහණ වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද මෙම  වෙසක් සුබපැතුම ආලෝක පූජාව සිහිගන්වයි.  1987 වෙසක් උත්සවය නිමිත්තෙන් ඔහු විසින් නිර්මාණය කල වෙසක් සැරසිලි මුද්දර ඇසුරින් මෙම සුබපැතුම නිර්මිතය. වෙසක් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන සමරු මුද්දර වල වෙසක් සැරසිලි නිරූපිත මුල් අවස්ථාව  අවස්ථව මෙයයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com