kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


13
April
2020

කියවන අවුරුද්ද ..


කියවන අවුරුද්ද ..

අපිට අපිවම අමතක වෙමින් තිබූ කාලෙක කොරෝනා  ගෝලීය වසංගතය මධ්‍යයේ නව  අවුරුද්ද උදාවිය. නිවසටම වී සැමරිය යුතු මෙවර අවුරුද්ද පවුලේ එකමුතුව, ආදරය සහ බැඳීම වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා සොබා දහම විසින් ඉඩ ලබාදී ඇති සෙයියාවකි.
සාම්ප්‍රදායක සිරිත් විරිත් සහ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලක්ම නිවසට සිමා කර නිවැසියන් සමගින් ස්වයං නිරෝධායනයට ලක්වූ මෙවර, වැඩ ඇල්ලීමේ චාරිත්‍රය දෙස අළුත් ඇසකින් බලන්නට ඉඩ හසර වෙන්කර ගැනීම සදහා යෝජනාවක් මෙසේ  ඔබට ඉදිරිපත් කරන්නෙමු. 
වැඩ ඇල්ලීම ගනු දෙනු කිරීම සහ ආහාර අනුභවය පිළිබද සුභ නැකතේදී ගොවිකම සංකේතවත් කරමින් රටේ බහුතරයක් කැත්තෙන් උදැල්ලෙන් පොරවෙන් කොටා වැඩ ඇල්ලීම ප්‍රකටය. සෙස්සෝ තම තමන්ගේ වෘත්තීය කටයුතු සංකේතවත් කරමින් කිසියම් කාර්යයක යෙදෙන්නාහ. දරුවෝ පොත පතේ  ඉගෙනීම් කටයුතු වල යෙදෙයි. මෙවර අපි එම චාරිත්‍රය කියවීම සමග අළුත් කර ගනිමු. සම්ප්‍රදායික පොත පත කියවීම වෙනුවට මුද්දරය අළුත් තොරතුරැ මුලාශ්‍රයක් ලෙස කියවමු.

මුද්දර කියවීමේ  කටයුත්ත ඉතා සරළව පියවර කිහිපයකින් මෙසේය:
1. මුද්දරයක් සහ කඩදාසියක් අතට ගෙන කඩදාසිය කොටස් තුනකට වෙන් කර ගන්න. මුද්දරය දෙස වඩාත් හොඳින් බලන්න.
2. එම මුද්දරය ගැන ඔබට පෙනෙන දේ කඩදාසියේ කොටසක සටහන් කර ගන්න.
3. එම මුද්දරය ගැන ප්‍රශ්න නගා ගන්න. කුමක්ද, කෙසේද, කොහෙද, කවදාද, කවුද යනාදී වශයෙන් එම ප්‍රශ්න සටහන් කර ගන්න.
4. ඔබ විසින් හඳුනාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු සොයන්න. සම්පත් දායකයින්, වැඩිහිටියන්, ගුරුවරුන්, පොත පත, සඟරා, පුවත් කැපුම් එකතු සහ අන්තර්ජාලය මඟින් තොරතුරු සොයන්න උත්සාහ කරන්න. එම පිළිතුරු සාරාංශ කර කඩදාසියේ ඉතිරි තීරුවේ සටහන් කරන්න.
5. ඔබගේ කඩදාසිය සම්පුර්ණයි. වැඩිදුර කියවීමේදී හැමදාමත් ඔබට හමුවන තොරතුරැ මිට එක් කරන්න.
ඔබගේ මීළඟ පියවර මුද්දරය පිලිබඳ දෘශ්‍ය කියවීමයි.

ළඟ තිබෙන සෑම මුද්දරයකටම මෙය ආදේශ කරන්න.  මේ ක්‍රියාවලියේදී එක මුද්දරයක කතාන්දරය තවත් මුද්දරයක කතාන්දරය සමඟ සම්බන්ධ වන බව ඔබට වැටහේවි. නොදැනුවත්වම ඔබ වඩාත් දැනුවත් වී ඇති බව ඔබට හැංගේවි.
මුද්දරය යනු ඉතිහාසය සංශිප්ත කතාන්දරයකි. මුද්දර එකතුවක් යනු කතාන්දර එකතුවකි.
කියවන ඔබට අවුරුද්ද හැමදාමත් ජයයි.

ඔබ සැමට නිරෝගී සම්පත් සපිරි සුභ නව වසරක් වේවා !



© kiyawanamuddara 2020 | Solution by 4meli.com