kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
April
2021

ගලේ කෙටූ සුභ පැතුමක් ..

ගලේ කෙටූ සුභ පැතුමක් ..

අද ලංකාවේ තැපෑලට සුවිශේෂී දවසක්. 1857 අප්‍රේල් 01 දින ප්‍රථම වරට මෙරටදී තැපැල් මුද්දරය බලාත්මක වුනා. අද අපි එහි සමරුව හෙවත් ලංකාව මුද්දර ලෝකයේ සාමාජිකයෙකු බවට පත්වීමේ 164 වන උපන්දිනය සමරන දවසයි. වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපය දැක්වෙන එම මුද්දරයේ වටිනාකම පැන්ස 6ක් වූ අතර, එම ගාස්තුව ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට අවුන්ස 1/2 කට නොවැඩි ලිපියක් තැපැල් කිරීමට වැය වූ ගාස්තුවට සමාන විය.

තැපෑල සහ මුද්දර අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. තැපැල් සේවයට මුද්දර අතවශ්‍ය නොවූ නමුත් තැපෑල පොදුජන මෙහෙවරට දායක වන්නට වූයේ මුද්දර මගින් තැපැල් ගාස්තු සධාරනියකරණය කල පසුවය. එතැන් සිට අද දක්වා තැපෑල සහ මුද්දර අතර අන්‍යොන්‍ය බැඳීම ගලේ කෙටූ අකුරු මෙන් ස්ථිරසාර විය.

මෙම බැඳීම තවත් වර්ණවත් කරනා අපූර්ව කවි සංකල්පනාවකි "The Letter" (ලිපිය). මෙහි නිර්මාණකරු 1834–1926 අතර විසූ 1869–1909 අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ලෙස පත්වූ ආචාර්ය චාල්ස් ඩබ්ලිව්. එලියට් ය (Dr. Charles W. Eliot). වර්තමානයේ ස්මිත්සෝනියන් ආයතනයේ (The Smithsonian) ජාතික තැපැල් කෞතුකාගාරයේ නිවහන වන වොෂිංටන් ඩී. සී. (Washington, D.C.) හි තැපැල් මුලස්ථාන ගොඩනැගිල්ලේ සෙල් ලිපියක සටහන් කර ඇත.

"Messenger of Sympathy and Love
Servant of Parted Friends
Consoler of the Lonely
Bond of the Scattered Family
Enlarger of the Common Life
Carrier of News and Knowledge
Instrument of Trade and Industry
Promoter of Mutual Acquaintance
Of Peace and of Goodwill Among Men and Nations."

"අනුකම්පාව සහ ප්‍රේමයේ පණිවිඩකරු
වෙන්වූ මිතුරන්ගේ සේවකයා
විසිරුණු පවුලේ හුදකලා බැම්මේ සැනසීම ලබා දෙමින්
පොදු ජීවිතය විසරණය කරමින්
ප්‍රවෘත්ති සහ දැනුම රැගෙන
වෙළඳ හා කර්මාන්ත උපකරණයක් ලෙසින් හා
අන්නෝන්‍ය දැන හඳුනා ගැනීම වැඩි දියුණු කරමින්
මිනිසුන් සහ ජාතීන් අතර සාමය සහ හොඳ හිත පතුරුවන්නා ....."

සාමය, සමගිය සහ හොඳ හිත පතුරුවමින් ලෝකය එක යායක් කරනා තැපැල් සේවයට උපහාර පිරිනමමින්, පැන්ස හයේ සිරිලක මුද්දරයට සිරි සුභ උපන් දිනක් පතමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com