kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
October
2026

බූරුවන් අපට කියවීමට උගන්වයි (Donkeys Teach Us to Read)

බූරුවන් අපට කියවීමට උගන්වයි (Donkeys Teach Us to Read)

ස්පාඤ්ඤයේ ජාතික තැපැල් සේවය වන 'Correos' විසින් සිය වඩාත් කැපී පෙනෙන කාටූන් ශිල්පීන්ව වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන 'ග්‍රැෆික් හාස්‍යය' (Graphic Humor) නිකුතු මාලාවේ 2026 සැප්තැම්බර් 14 වන දින සුවිශේෂී තැපැල් මුද්දරයක් සහ සමරු මුද්දර පත්‍රිකාවක් නිකුත් කරන ලදී. මෙවර නිකුතුව කැපකර ඇත්තේ ස්පාඤ්ඤයේ ප්‍රකට කාටූන් ශිල්පී සොහොයුරන් වන ඉඩිගොරස් (Ángel Idígoras) සහ පාචි (Francisco Javier "Pachi" Idígoras) යන ප්‍රවීණයන්ගේ කලාත්මක හා උපහාසාත්මක නිර්මාණ ශෛලිය ඇගයීම සඳහාය. යුරෝ 5.00ක මුහුණත වටිනාකමකින් යුත් මෙම මුද්දර නිකුතුව මගින් හාස්‍යය, ස්පාඤ්ඤ සාහිත්‍යය සහ මුද්දර එකතු කිරීමේ කලාව එකිනෙක යා කරමින්, පොත්පත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම අද්විතීය ලෙස සිදුකර තිබේ.

"බූරුවන් අපට කියවීමට උගන්වයි" (Donkeys Teach Us to Read) යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති මෙම මුද්දරය, ස්පාඤ්ඤ සාහිත්‍යය හා සමීපව බැඳී පවතින සතුන් තිදෙනෙකු එකම අවකාශයකට එක්තැන් කරයි. සාමාන්‍යය සමාජය තුළ බූරුවා හෝ කොටළුවා යන්න 'නූගත්කම' හා සම්බන්ධ කෙරෙන සම්ප්‍රදායික ඒකාකෘතික නිරූපණයට හාත්පසින්ම වෙනස්ව, මෙම නිර්මාණය මගින් ස්පාඤ්ඤ සාහිත්‍යයේ වඩාත් අමතක නොවන කෘති සහ චරිත වන 'ප්ලැටෙරෝ' (Platero), 'සැන්චෝ පාන්සා' (Sancho Panza) සහ 'ෆ්‍රේ පෙරිකෝ' (Fray Perico) කාටූන් චරිත මුද්දරය මත සිතුවම් කර තිබේ.

පෙරදිග රටවල මෙන්ම බටහිර ජනප්‍රිය සංස්කෘතිය තුළ ද බූරුවා බහුලව භාවිත වන්නේ හාස්‍යජනක හෝ නිෂේධාත්මක ලක්ෂණ ඉස්මතු කිරීමේ සංකේතයක් ලෙසයි. එසොප්ගේ උපමා කථා, සිනමාව සහ විකට චරිත (Shrek චිත්‍රපටයේ "Donkey" චරිතය) ඊට කදිම නිදසුන් සපයයි.

එහෙත් ස්පාඤ්ඤ සංස්කෘතිය සහ සාහිත්‍යය තුල බූරුවා යනු හුදෙක් සිනාසීමට පමණක් භාවිත වන විකට චරිතයක් නොව, එහි ඊට වඩා ඉතා ගැඹුරු, ගෞරවනීය සහ ආත්මීය ස්ථානයක් ලැබේ. එහි බූරුවා යනු මිනිසාගේ ආත්මයට සහ පාඨක රුචියට ආමන්ත්‍රණය කරන ගෞරවනීය සලකුණක් මෙන්ම සරල බව, ඉවසීම, විශ්වාසවන්තකම සහ ග්‍රාමීය ස්පාඤ්ඤ වැසියන්ගේ දෛනික ජීවන අරගලය නිරූපණය කෙරෙන සුවිශේෂී සංකේතයකි. එම චරිතය හරහා කුඩා දරුවන් ඇතුළු සමාජය පොත්පත් කියවීමට සහ ජීවන පාඩම් ඉගෙනීමට පෙළඹුණු ආකාරය පිළිබඳව නිදසුන් රැසක් ස්පාඤ්ඤ සාහිත්‍යයේ පවතී. ඒ අනුව අදාල සංස්කෘතික සන්දර්භය වටහාගැනීමකින් තොරව මතුපිටින් පමණක් මෙම මුද්දරය දෙස බලන අයෙකුට එහි අඩංගු සැබෑ අරුත එකවර හදුනාගැනීම ඉතා අපහසුය.

මෙම මුද්දරය දකින මුද්දර කියවන්නෙකුට ස්පාඤ්ඤ සාහිත්‍ය උරුමය ගවේෂණය කිරීමට මහත් පෙළඹවීමක් ලැබෙන අතර, එය දැනුම සෙවීමේ සහ කියවීමේ දොරටුවක් බවට පත්වේ.

තවද, දෘශ්‍ය විද්‍යාත්මක කෝණයෙන් බලන කල, එකම දෘශ්‍ය සංකේතය විවිධ සංස්කෘතීන් තුළ වෙනස් අර්ථ ජනනය කරන ආකාරය තේරුම් ගනිමින්, විවිධ සංස්කෘතීන්, භාෂාවන් සහ මානව චින්තනයන් එකිනෙක යා කරන ප්‍රබල පාලමක් ලෙස ක්‍රියා කිරීමට මුද්දර කියවීමට ඇති හැකියාව මෙයින් මැනවින් පැහැදිලි වේ. මෙමඟින් මුද්දර පත්‍රිකාව, කුඩා අලංකාර දර්ශනයක සිට පාඨකයා සහ එකතුකරන්නා දැනුම හඹායාමට පෙළඹවන "කුඩා දෘශ්‍ය පුස්තකාලයක්" බවට පරිවර්තනය වීම නොවැලක්විය හැක.

මුද්දර මගින් විවිධ සංස්කෘතීන්, භාෂාවන් සහ මානව චින්තනයන් එකිනෙක යා කරන ආකර්ෂණීය බැඳීමක් නිර්මාණය කරයි. සංස්කෘතිය යනු යම් සමාජයක ඉතිහාසය, සාහිත්‍යය, විශ්වාස, කලාත්මක අභිප්‍රකාශනයන් සහ ජීවන රටාවන් එකිනෙක වියමින් නිර්මාණය වූ මහා අගනා සළුවකි. එම සළුවේ අලංකාරය, පැවැත්ම සහ අනන්‍යතාව රැඳී පවතින්නේ එය වියා ඇති කුඩා වූත්, වර්ණවත් වූත් එකිනෙක නූල් පොටවල් මතය. තැපැල් මුද්දරය යනු යම් රටක සංස්කෘතික සළුවෙන් මතුවන එවැනිම අද්විතීය, අර්ථපූර්ණ සහ වර්ණවත් නූල් පොටකි. සළුවක ඇති නූල් පොටක් අනෙක් නූල් සමග බද්ධ වෙමින් රටාව සම්පූර්ණ කරන්නාක් මෙන්, මුද්දරය නමැති නූල් පොට දේශසීමා හරහා යමින් වෙනත් සංස්කෘතීන් හට ස්පාඤ්ඤයේ සංස්කෘතික සන්දර්භය හඳුනා ගැනීමට මග පාදයි.

"බූරුවන් අපට කියවීමට උගන්වන මුද්දරය" දේශීය සන්දර්භය තුල "මුද්දර තියෙන්නේ ලියුම් යවන්න විතරක් නොවන බව" හොදින්ම අවබෝධ කරවයි.

................................

"Donkeys Teach Us to Read"

On September 14, 2026, 'Correos'—Spain's national postal service—released a special postage stamp and a commemorative stamp sheet as part of its 'Graphic Humor' series, which annually honors the country's most distinguished cartoonists. This particular issue celebrates the artistic and satirical style of the renowned Spanish cartoonist brothers, Ángel Idígoras and Francisco Javier "Pachi" Idígoras. With a face value of €5.00, this stamp issue uniquely promotes the habit of reading by intertwining humor, Spanish literature, and the art of philately.

Designed around the theme "Donkeys Teach Us to Read," the stamp brings together three animals closely associated with Spanish literature within a single composition. In stark contrast to the traditional stereotype in general society that associates the donkey with ignorance, this design features iconic characters from Spanish literature—'Platero', 'Sancho Panza', and 'Fray Perico'—depicted on the stamp.

In both Eastern and Western popular culture, the donkey is frequently used as a symbol to highlight comical or negative traits; Aesop's fables, cinema, and animated characters (such as 'Donkey' from the "Shrek" film) serve as prime examples of this.

However, within Spanish culture and literature, the donkey is not merely a figure of ridicule; it holds a far deeper, more respected, and meaningful place. In this context, the donkey serves as a revered figure that appeals to the human spirit and the reader's sensibilities; it is a distinctive symbol representing simplicity, patience, loyalty, and the daily struggles of rural Spaniards. Spanish literature offers numerous examples of how this character has inspired society—including children—to read books and learn valuable life lessons. Consequently, for someone viewing the stamp superficially without grasping the relevant cultural context, it is difficult to immediately discern its true significance.

For a stamp reading enthusiast, this stamp serves as a powerful incentive to explore Spain's literary heritage, acting as a gateway to reading and the pursuit of knowledge.

Furthermore, from a visual perspective, this clearly illustrates the potential of stamp appreciation to act as a potent bridge connecting diverse cultures, languages, and human perspectives, while highlighting how a single visual symbol can evoke different meanings across various cultures. This inevitably transforms the stamp sheet from a mere decorative vignette into a "miniature visual library" that inspires readers and collectors alike to pursue knowledge.

Stamps forge a captivating bond that connects diverse cultures, languages, and human perspectives. Culture is a magnificent tapestry woven from a society's history, literature, beliefs, artistic expressions, and ways of life; its beauty, endurance, and identity rely on the intricate, colorful threads from which it is woven. The postage stamp is one such unique, meaningful, and vibrant thread emerging from a nation's cultural tapestry. Just as a single thread intertwines with others to complete a pattern, the stamp—acting as a thread—transcends borders, paving the way for other cultures to discover and understand the cultural context of Spain.

The "Donkeys Teach Us to Read” stamp effectively demonstrates—within the local context—that stamps are not merely for posting letters.

 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com