kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


24
September
2026

අධ්‍යාපන අමාත්‍යාංශයත් අනුමත කළ 'මුද්දර කියවීම'

අධ්‍යාපන අමාත්‍යාංශයත් අනුමත කළ 'මුද්දර කියවීම' - මෙවර ජාතික කියවීමේ මාසයේ ඔබේ පාසලටත්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුව, 2026 ජාතික කියවීමේ මාසයේදී පොතපතට පමණක් සීමා නොවී සිතියම්, මුද්දර, නෝට්ටු සහ ඡායාරූප වැනි මාධ්‍යයන් විධිමත්ව කියවීමේ ප්‍රායෝගික අත්දැකීම් සිසුන්ට ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. 
එබැවින්, කුඩා මුද්දරයක් තුළ සැඟවී ඇති ඉතිහාසය, සංස්කෘතිය සහ ලෝකඥානය නිවැරදිව කියවීමට දරුවන් යොමු කරවන 'මුද්දර කියවීමේ' වැඩසටහන ඔබේ පාසලටත් හඳුන්වා දීමට මෙය අගනා අවස්ථාවකි. 
අමාත්‍යාංශ උපදෙස්වලට අනුකූලව සිසුන්ගේ රසවින්දනය සහ සක්‍රීය ඉගෙනුම් කුසලතා වර්ධනය කරන මෙම සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කර ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.

https://moe.gov.lk/si-lk/ජතක-කයවම-මසය/

නිරෝෂණ පීරිස් - විරංගා කුලරත්න
'කියවන මුද්දර'
අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
දුරකථන : 0777 785607

 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com