01
September
2026
මෙම සාහිත්‍ය මාසයේදී, සාම්ප්‍රදායික පොත් කියවන රටාවෙන් ඔබ්බට ගිය පූර්ණ දෘශ්‍ය හා ගවේෂණාත්මක කියවීමේ චාරිකාවකට අපි ඔබට ආරාධනා කරමු. මුද්දරයත් පොතත් අතර දෝලනය වන, විමර්ශනාත්මක බුද්ධිය සක්‍රීය කරන අලුත්ම කියවීමේ සංස්කෘතියක් අපි එකට ගොඩනඟමු!
ද්විදිශා කියවීමේ ක්‍රමවේදය (Bi-directional Reading Approach)
මුද්දර කියවීමේ සංකල්පයේ ආරම්භක අදියරේ දී මුද්දරයක නිරූපිත තොරතුරු තහවුරු කරගැනීම සඳහා පොත්පත් පරිශීලනය කිරීම සාම්ප්‍රදායික ප්‍රවේශය යි. එහෙත් ප්‍රායෝගික ගවේෂණය හා අත්දැකීම් තුළින් අනාවරණය වන්නේ එම ක්‍රියාවලියේ අනෙක් පස, එනම් “මුද්දරයෙන් පොතට” යොමුවන ප්‍රවේශය අපගේ කුතුහලය, විමර්ශනාත්මක බුද්ධිය, නිර්මාණශීලී තර්කනය සහ සක්‍රීය කියවීම වඩාත් තීව්‍ර කරන බවයි.
මෙම ක්‍රමවේදය මඟින් සාම්ප්‍රදායික කියවීමේ රටාව උඩුයටිකුරු කරමින්, පොතත් මුද්දරයත් අතර පවතින සන්නිවේදන සැබැඳියාව අලුත් මානයකට යොමු කරයි.
මෙහි මුද්දරය යනු දෘශ්‍ය ප්‍රේරකය (Visual Trigger) යි. මුද්දරය පොතට විකල්පයක් නොව, කියවීමේ ගමන ආරම්භ කරන කුතුහලයේ ගිනි පුපුරයි. එහි ඇති රූප, සංකේත, පෞරුෂයන්, ඓතිහාසික ස්ථාන හෝ සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන් අප තුළ "ඇයි?", "කවුද?", "කුමක්ද?" යන ප්‍රශ්න ස්වයංක්‍රීයවම ඇතිවේ.
එමෙන්ම පොතින් ගවේෂණාත්මක මූලාශ්‍රයක් (Exploratory Source) සපයයි. ඉහත මුද්දරයෙන් මතු වන පැනයන් ඔස්සේ අප පොත්පත් හා අනෙකුත් මූලාශ්‍ර කරා යොමු කරවයි. මුද්දරය ලබා දෙන දෘශ්‍ය උත්තේජනයට ගැඹුරු හා පූර්ණ පිළිතුරු සපයන දැනුම් සාගරය බවට පත්වන්නේ පොතයි.
“මුද්දර කියවීම ” යනු හුදෙක් එක එල්ලේ සිදුවන තොරතුරු ග්‍රහණය කරගැනීමක් නොවේ. එය මුද්දරය ආරම්භක දෘශ්‍ය ආධාරකය කරගනිමින්, මුද්දරයත් පොතත් අතර දෝලනය වන, කියවීමේ රුචිය හා විමර්ශනාත්මක බුද්ධිය සක්‍රීයව වර්ධනය කරන ද්විදිශා කියවීමේ සංස්කෘතියකි (Bi-directional Reading Culture).
එකම තැනක නොනැවතී මුද්දරයත් පොතත් අතර දෝලනය වන, නිර්මාණාත්මක චින්තනය සක්‍රීය කරන, අලුත්ම කියවීමේ සංස්කෘතියකට සහ ගවේෂණාත්මක කියවීමේ චාරිකාවකට මෙම සාහිත්‍ය මාසයේදී අපි ඔබට ආරාධනා කරමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com