kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
July
2026

ලාංකීය සෞඛ්‍ය සන්නිවේදනයේ තවත් අභිමානවත් පියවරක්: මහාචාර්ය ප්‍රියානි එලිසබෙත් සොයිසා මහත්මිය වෙනුවෙන් උපහාර සමරු මුද්දරයක්!

ශ්‍රී ලාංකේය ළමා රෝග වෛද්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍ය අධ්‍යාපනයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ සම්මානනීය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි එලිසබෙත් සොයිසා මහත්මියගේ (Prof. Priyani Elizabeth Soysa) නාමයට ගෞරව පිණිස නව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කෙරිණි. මෙම විශේෂ සමරු මුද්දරය නිකුත් කිරීම, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Paediatricians) විසින් සංවිධානය කරන ලද 19 වන ආසියා පැසිෆික් ළමා රෝග විශේෂඥ වෛද්‍ය සම්මේලනය (19th Asia Pacific Congress of Pediatrics - APCP) සහ 28 වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනයේ දී (28th Annual Scientific Congress) එතුමියගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2026 ජූලි 26 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්විණි.

"කියවන මුද්දර" (Kiyawana Muddara) වෙනුවෙන් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සන්නිවේදනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මෙම අභිමානවත් සමරු මුද්දරය නිකුත් කිරීම සඳහා මුලපිරීම සහ යෝජනාව ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙමු.

දෙස් විදෙස් දහස් සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත සුවපත් කිරීමටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයටත් ඇය දැක්වූ විශිෂ්ට දායකත්වය අනාගත පරපුරටද සිහිපත් කරවන නිහඬ සන්නිවේදකයෙකු ලෙස මෙම සමරු මුද්දරය ඉතිහාසයට එක්වනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com