21
June
2026
රත්නපුර මහජන පුස්තකාලය මඟින් රත්නපුර සමන්පෙදෙස ශෛලලෙන් විහාර දහම් පාසලේ දී 2026.06.21 දින සංවිධානය කර තිබූ "දිවි ඇතිතුරු - අකුරු මිතුරු" කියවීම් කඳවුර ප්‍රයෝගික ක්‍රියාකාරම් සහිත වැඩසටහනකි.
රත්නපුර මහජන පුස්තකාලයේ මෙම ප්‍රවේශය, ළමුන් තුළ තර්කානුකූලව සිතීමේ හැකියාව, නිරීක්ෂණ ශක්තිය සහ තොරතුරු ගවේෂණය කිරීමේ කුසලතාව වර්ධනය කරන අගනා ප්‍රායෝගික වැඩසටහනකි. ප්‍රශ්නාවලියක් සමඟ මුද්දර කියවීම සිදුකිරීම මඟින් දරුවන්ට ක්‍රීඩාවකින් ලබන වින්දනය මෙන්ම ඉහළ විෂය දැනුමක් ද එකවර හිමිවේ. එහිදී තැපැල් මුද්දරය හුදෙක් ලිපියකට අලවන මෙවලමකින් එහා ගිය වටිනා ඓතිහාසික, සංස්කෘතික සහ විෂයානුබද්ධ තොරතුරු මූලාශ්‍රයක් (Information Source) ලෙස ළමුන්ට හඳුන්වා දීමට පුස්තකාලාධිපතිතුමිය ඉතාමත් ක්‍රමවත් සහ සැලසුම්සහගත වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පෙනී යයි.
1. විශාල කරන ලද මුද්දර ආකෘති භාවිතයෙන් (Visual Aids) ළමුන්ගේ අවධානය දිනා ගැනීමට සහ කුඩා මුද්දරයක ඇති සියුම් තොරතුරු පැහැදිලිව දැකබලා ගැනීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද විශාල පෝස්ටර් ප්‍රමාණයේ මුද්දර ප්‍රදර්ශනය; ලෝකයේ පළමු මුද්දරය වන 'පෙනි බ්ලැක්' මුද්දරය, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ රුව රැගත් මුද්දරය, ලංකා බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන "සිංහල බෞද්ධයා" පුවත්පතේ ශතසංවත්සරය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය, ඓතිහාසික රත්නපුර මහ සමන් දේවාල පෙරහැර නිරූපණය වන මුද්දරය ආදී මුද්දර ළමුන්ට හඳුන්වා දීම
2. ව්‍යුහගත ප්‍රශ්නාවලි මඟින් ක්‍රියාකාරී කියවීමට යොමු කිරීම (Structured Questionnaire) මඟින් ළමුන්ට හුදෙක් මුද්දර දෙස බලා සිටීමට ඉඩ නොතබා, ඒවා ගැඹුරින් කියවා විශ්ලේෂණය කිරීමට මඟපෙන්වන ප්‍රශ්නාවලියක් (Activity Sheet) ලබා දී ඇත. එහි අන්තර්ගතය විෂයානුබද්ධ කරුණු රැසක් ආවරණය කරයි:
දේශීය අනන්‍යතාවය සහ ඉතිහාසය: සබරගමුවට හෝ රත්නපුරයට සුවිශේෂී වූ චරිත (උදා: බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, රත්නපුරේ උපන් අය) සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සිසුවා පොළඹවයි.
ආගමික හා සංස්කෘතික පසුබිම: බෞද්ධ කොඩියේ නිර්මාතෘවරුන්, පානදුරාවාදය වැනි බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් සහ
මහ සමන් දේවාල පෙරහැර පිළිබඳව මුද්දර ඇසුරින් ප්‍රශ්න නඟා තිබේ.
භාෂාව සහ සාහිත්‍යය: සාහිත්‍යය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පුද්ගලයන් හඳුනා ගැනීමට මුද්දරය මූලාශ්‍රයක් කරගෙන ඇත.
3. විෂයානුබද්ධ සහ සංවිධානාත්මක ප්‍රවේශය (Curriculum-Linked Learning) හරහා මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ඉතිහාසය, සමාජ අධ්‍යයනය, ආගම සහ සාහිත්‍යය යන පාසල් විෂයන් සමඟ ඉතා කදිමට බද්ධ කෙරේ. ළමයා තමන්ට ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා පුස්තකාලාධිපතිතුමිය පෙන්වන විශාල මුද්දර ආකෘතිවල ඇති රූප, අකුරු, වර්ෂ සහ තැපැල්ගාස්තුව ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කරන බව පෙනෙයි.
මුද්දර කියවීම සදහා "කියවන මුද්දර" අප ලබා දුන් ප්‍රායෝගික පුහුණුව සහ විශාලනය කරන ලද එම මුද්දර ආකෘති රත්නපුර මහජන පුස්තකාල නිලධාරීන් ඉතාමත් ඵලදායී ලෙස දරුවන් අතරට ගෙන යෑම සහ මහන්සියෙන් ගොඩනැඟූ දෘශ්‍ය සන්නිවේදන සහ අධ්‍යාපනික සංකල්පයක් මේ අයුරින් අඛණ්ඩව ඉදිරියටම රැගෙන යාම අපගේ ව්‍යාපෘතියේ සැබෑ සාර්ථකත්වයයි. බිම් මට්ටමින් සාර්ථක ප්‍රතිඵල පෙන්වමින්, රටේ විවිධ පළාත්වල දරුවන්ගේ ඥානය වර්ධනය කිරීමට "මුද්දර කියවීම " සක්‍රීයව දායක වන බව මෙයින් මනාව පැහැදිලි වෙයි.
රත්නපුර මහජන පුස්තකාලයේ පුස්තකලයධිපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ සුබ පැතුම් පිරිනමමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com