25
December
2025
නත්තල කවියක් නම්, එය හොඳින්ම ලියා ඇත්තේ මුද්දර මත යි.
මේ සමඟ වන එවන් මුද්දර වල ඇති සිතුවිල්ල ම නිහඬ සුන්දරත්වයේ පරිඡේදයක් වැනි ය; කෙටි සාහිත්‍ය පාඨ වැනි ය. මේවායින් නත්තල පැහැදිලි නොකෙරෙන මුත්, ඒ නත්තල බව අපට හැඟවෙයි. එහි ඇති සරල බව හොඳින් සකසන ලද වාක්‍යයක වචන මෙන් ගලා යයි. ඒ නිසා මුද්දර ශීත ඍතුව ගැන ලියැවුණු පරිඡේදයක වාක්‍ය ලෙස කියවීමට හැකි ය. එහි ආකෘතියේ ඇති අර්ථය හැඟීම් වලට ගැඹුරක් එක් කරයි. එය සැබවින්ම රසවත් කවියකි.
මේ අයුරින් මුද්දර කියවන සිරි සුබ නත්තලක් ම වේවා !
© kiyawanamuddara 2020 | Solution by 4meli.com