kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


16
September
2025

2026 වසර සඳහා ඔබගේ මුද්දර යෝජනාවට තැපෑලෙන් ඉඩක් ....

2026 වර්ෂය සඳහා නිකුත් කරනු ලබන සමරු මුද්දර සඳහා සුදුසු තේමාවන් සලකා බැලීමට අදාලව මහජන අදහස් සදහා අවස්ථාව දැන් ඔබටත් ලබාදී ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් සිදුවීම්, සංවත්සර සැමරුම්, සම්භාවනීය පුද්ගලයන්, ස්වභාව සෞන්දර්යය, ක්‍රීඩා, ජාතික අභිමානය පෙන්නුම් කෙරෙන සහ සංස්කෘතික තේමාවන් මේ යටතේ යෝජනා සමරු මුද්දර සදහා සලකා බලනු ලැබේ. අදාළ යෝජනාව සමඟ එහි ජාතික සහ ජ්‍යාතන්තර වැදගත්කම පිළිබඳව කෙටි විස්තරයක්, සංවත්සර දිනයන් හා අදාළ යෝජනාව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු පිළිබඳ ලිඛිත සාක්ෂි සමඟ යෝජනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය හා අත්සන සහිතව ඉදිරිපත් කල යුතුය.

ඔබගේ යෝජනාවත් 2025 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, අංක 310, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 01 යන ලිපිනයට යොමු කරන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com