kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
August
2021

කෝපි කාලෙ ලංකාව

අතීත ලංකාව ගැන මතක සටහන් සහිත "කෝපි කාලෙ ලංකාව" කෘතිය ජෝන් කපැර් (Jhon Capper) මහතාගේ "Old Ceylon - Sketches of Ceylon life in the Olden Time" කෘතියේ සිංහල අනුවාදයයි. කුසුම්සිරි විජේවර්ධන මහතා විසින් අනුවාදිත මෙම කෘතිය මෑතකදී සූරිය ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්විණි.

ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ සහ පුවත්පත් කලාවේ පුරෝගාමියකු ලෙසින් සැලකෙන ජෝන් කැපර් පෙරදිගවාදියෙකු වූ බැවින්, වතු වගාව නිසා ලාංකීය ජන ජිවිතයේ සහ සමාජයේ ඇතිවන වෙනස්වීම් පිළිබදව සියුම්ව නිරීක්ෂණය කල අයෙකි. 1856 වර්ෂයේ ආරම්භ කරන ලද සිලෝන් ටයිම්ස් (Ceylon Times ) පුවත්පත ඔහු මිලදී ගත්තේය.

වර්ෂ 1873 අගෝස්තු මස 26 හා 28 යන දෙදින තුල මෙරට ශාසනික ඉතිහාසය තුල සදා නොමැකෙන මතකයක් සනිටුහන් විය. එනම් 'පානදුරාවාදය'යි. එය පංච මහා වාද අතුරින් වැදගත්ම සහ වඩාත් කතාබහට ලක්වූ සහ ලංකාවේ ප්‍රකටම වාදය ලෙස සැලකේ.

එවකට සිලෝන් ටයිමිස් පුවත් පතේ හිමිකරු සහ කර්තෘ වූ ජෝන් කැපර් මහතා මෙම වාදය පැවැත්වෙන වෙලාවේදීම එඩ්වර්ඩ් පෙරේරා නීතිඥ තුමා ලවා පරිවර්තනය සිය පුවත් පත මගින් ඒවා ප්‍රසිද්ධ කරන ලදී .පසුව එම තොරතුරු වඩා සවිස්තරව රචනාකර, සිලෝන් ටයිම්ස් කාර්යාලයේ ප්‍රකාශයට පත් කරන ලද "A Full Account of the Buddhist Controversy " කෘතිය මඟින් 1873 දීම එළිදැක්විණි. පානදුරාවාදයෙන් ඇතිවූ බෞද්ධ පිබිදීම පිළිබඳ සම්පුර්ණ විස්තර සහිත මෙම කෘතිය දේශ දේශාන්තරවල පතල විය. බෞද්ධ පුනර්ජීවනය සඳහා ආධාර කිරීම වෙනුවෙන් 1880 දී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණීමටද මෙම කෘතිය ඉවහල්වූ බව පැවසේ.

වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, ශ්‍රී සුමංගල මහා නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමි, බුලත්ගම ධම්මාලංකාර නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, වස්‌කඩුවේ ශ්‍රී සුභූති නාහිමි යන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාත්; ශ්‍රී දේවරක්‌ෂිත බටුවන්තුඩාවේ පඩිතුමා, රන්කොත් විහාරයේ ප්‍රධාන දායක වූ පී. ජෙරමියෙස්‌ දියෙස්‌ මැතිතුමා ඇතුළු දෑහිතකාමීන්ගේ එකමුතුවෙන් සමාරම්භ වූ බොදු පුනර්ජීවනයේ සන්නිවේදන සහකරු ජෝන් කැපර් මහතාව මේ මොහොතේ අප සිහිපත් කල යුතුමය.

පානදුරාවාදයේ 148 වන සැමරුම යෙදෙන (2021 අගෝස්තු 28) හෙට දින මාර්ගගත සමුළුවක් ලෙස සැමරීමට පානදුරාවාද අනුස්මරණ කමිටුව කටයුතු සුදානම් කර ඇත.

ඊට යොමුව: https://us02web.zoom.us/.../tZEkduisqTMiGN32b8xbj2RgUZcY0...

පනදුරාවාදයේ ඓතිහාසික කතාන්දරය සිතුවමක් සේ දෘෂ්‍යකරණය කල හැකි සමරු මුද්දර රැසකි. ඒ ගැන අපි පසුව කතා කරමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com