30
May
2025
රොමෑන්ටිකවාදය යනු 18 වැනි සියවසේ අගභාගයේ කාර්මික විප්ලවයට සහ බුද්ධි ප්‍රබෝධ යුගයේ තර්කය සහ විද්‍යාව අවධාරණය කිරීමට එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙස ආරම්භ වූ කලාත්මක, සාහිත්‍යමය සහ බුද්ධිමය ව්‍යාපාරයකි. ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් යුගයක් නිර්මාණය කිරීමේ කටයුතු වල ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන විලියම් වර්ඩ්ස්වර්ත් (William Wordsworth -1770–1850)ගේ 250 වන උපන්දින සංවත්සරය සැමරීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ රාජකීය තැපෑල (royal mail) විසින් රොමැන්ටික කවියන්ට ගෞරව කිරීම සඳහා පළමු පන්තියේ මුද්දර දහයකින් යුත් විශේෂ කට්ටලයක් 2020 අප්‍රේල් 7 වන දින නිකුත් කරන ලදී.
මෙම එකතුවෙහි වර්ඩ්ස්වර්ත් සැමරීමට පමණක් නොව රොමැන්ටික යුගයේ අනෙකුත් සුවිශේෂී කවීන් ද ඇතුළත් වූ අතර, සෑම මුද්දරයක්ම කවියාගේ කෘතියෙන් තෝරාගත් පේළියක් සමඟ ඒකවර්ණ නිදර්ශනයකින් නිර්මාණය කර තිබුණි. එය හැඟීම්, ස්වභාවය සහ පුද්ගලවාදය කෙරෙහි රොමැන්ටික සාහිත්‍යයේ අවධාරණය කිරීමෙහි සාරය ග්‍රහණය කර ගැනීම අරමුණු කර ගෙන කවිය උදෙසා නිකුත් කරන ලද සංස්කෘතික ආචාරයකි. අතිශයෝක්තියට නැංවූ හැඟීමක් ලබා දීම සඳහා අපූර්ව නිර්මාණයක් ඉතා වෙහෙසකර ව්‍යායාමයකින් පසු එළිදැක්වීමට බ්‍රිතන්‍ය රාජකීය තැපැල් සේවයට මෙහිදී හැකියාව ලැබී ඇත.
කවිය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම මුද්දර වැදගත් වන්නේ ඇයි?
ඒ මෙම අනුස්මරණ මුද්දර මගින් කවියා ජාතික සංස්කෘතියේ සහ මතකයේ විශේෂ ස්ථානයක් දරන බව පෙන්නුම් කරනා හෙයිනි. ලිපි තැපැල් කිරීම තුලින් මුද්දරය මඟින් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට මෙම කවි ඒකාබද්ධ කරවන හෙයිනි. ඒ මඟින් කවියා ගැන වැඩි විස්තර දැන ගැනීමට ජනතාව දිරිමත් කරවන හෙයිනි - ඔහුගේ ජීවිතය, කෘති සහ ඓතිහාසික සන්දර්භය විමසීමට, කවි කියවීමට හෝ නැවත බැලීමට මිනිසුන් පෙළඹවිය හැකි හෙයිනි.
මුද්දරවල ඇති රූප බොහෝ විට කවියාගේ කෘතියේ සුන්දරත්වය සහ තේමාවන් පිළිබිඹු කරයි. ඒවායේ ස්වභාවය, පරාවර්තනය (reflect) හා හැඟීම්, කවියාගේ වචනවලට දෘශ්‍ය මය ප්‍රතිමූර්තියක් නිර්මාණය කරවයි. කවියාගේ කෘතියෙහි සංස්කෘතික දැනුවත්භාවය සහ අගය දේශසීමාවලින් ඔබ්බට ද පතුරුවයි. එමඟින් ප්‍රතිමා සහ ස්මාරක මෙන්, මුද්දර ද ඉතිහාස සැමරුමක් ලෙස ක්‍රියා කරයි. එම එදිනෙදා වස්තුවේ ස්පර්ශය කවියාගේ උරුමය තව තවත් තහවුරු කරවයි.
එමෙන්ම, මුද්දර මඟින් කවියන් සමරන විට, ඔවුන්ගේ සාහිත්‍යය ද පුළුල් සංවාදයකට ගෙන එනු ලබයි.
වර්ඩ්ස්වර්ත්ගේ කවි වල ඇති ස්වභාවික ලෝකයේ සුන්දරත්වය සහ පරිකල්පනයේ විචිත්රත්වය සැමරීම අදටත් අදාළ වන වටිනාකම් ය. ඔහු මුද්දරවලට පැමිණීමෙන් සොබාදහම සහ ස්වයං විමර්ශනය සඳහා සදාකල් ආදරයක් ඇති කරවයි; ජීවිතයේ සුන්දරත්වය තීව්ර කිරීමට සහ අගය කිරීමට මිනිසුන්ට ආරාධනා කරවයි.
රාජකීය තැපෑල මඟින් නිකුත් කෙරුනු මෙම වර්ඩ්ස්වර්ත් මුද්දර ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම සඳහා රූප සහ කවි භාවිතා කරන ආකාරය මෙන්ම මුද්දර මඟින් කාව්‍යයේ දෘශ්‍ය සංස්කෘතියට දායක වන ආකාරය ගවේෂණය කලයුතු ක්ෂේත්රයන් ය. ඒ අනුව, මෙම මුද්දර, කවියන්ගේ උරුමයන්ට උපහාරයක් ලෙස සේවය කරයි. එමෙන්ම දෘශ්‍ය කලාව සමඟ සාහිත්‍ය උපුටා ගැනීම් මිශ්‍ර කරයි. ඔවුන් තනි තනි කවීන්ට ගෞරව කරනවා පමණක් නොව, තැපැල් මුද්දර වැනි එදිනෙදා අයිතමවලට ඒකාබද්ධ කිරීමෙන් පුළුල් ප්‍රේක්ෂක පිරිසකට කාව්‍ය ප්‍රවර්ධනය කරවයි. මෙම මුලපිරීම රොමැන්ටික කාව්‍යයේ සහ ස්වභාවධර්මය, හැඟීම් සහ පුද්ගලවාදය යන තේමාවන් ගේ දීර්ඝ කාලීන අදාළත්වය අවධාරණය කරවයි.
පහතින් සඳහන් එම මුද්දර දහයේ කට්ටලයට ඇතුලත් වූ ලයිස්තුවයි:
1. විලියම් වර්ඩ්ස්වර්ත් (William Wordsworth – "The Rainbow")
2. ජෝන් ක්ලෙයාර් (John Clare – "The Progress of Rhyme")
3. සැමුවෙල් ටේලර් කෝල්රිජ් (Samuel Taylor Coleridge – "Frost at Midnight")
4. විලියම් බ්ලේක් (William Blake – "Auguries of Innocence")
5. වෝල්ටර් ස්කොට් (Walter Scott – "The Lady of the Lake")
6. පර්සි බයිෂේ ෂෙලී (Percy Bysshe Shelley – "To a Skylark")
7. මේරි රොබින්සන් (Mary Robinson – "Ode to the Snowdrop")
8. ලෙටිටියා එලිසබෙත් ලැන්ඩන් (Letitia Elizabeth Landon – "The Fate of Adelaide")
9. ජෝන් කීට්ස් (John Keats – "Ode on a Grecian Urn")
10. ලෝඩ් සාමි (Lord Byron – "She Walks in Beauty")
මෙම සෑම නිර්මාණයක්ම කලාකරුවෙකු සහ ලිනෝ මුද්‍රණය ශිල්පියෙකු වන ලින්ඩා ෆාර්ක්හාර්සන් (Linda Farquharson) විසින් නිර්මිතයි. ඇයගේ මුද්දර නිදර්ශන රොමෑන්ටික යුගයේ කාව්‍යයේ ප්‍රචලිත තේමාවක් වූ ස්වභාවධර්මය ඉස්මතු කරවයි.
මෙම කවීන්ගේ ප්‍රසිද්ධ කවි වලින් පේළි දෙකක් එහි අර්ථ නිරූපණය වන සේ ලිනෝ මුද්‍රණ ශෛලියෙන් සෑම මුද්දරයකම නිරූපණය කළ යුතු විය. ඇයට අභියෝගය වූයේ කවියේ වචනවලට සහාය වන නමුත් එය ඉක්මවා නොයන සීමාව තුළ වැඩ කිරීමට සිදු වීමයි. වචනවලට චරිතයක් එක් කිරීම සඳහාත් , අතිශයෝක්තියට නැංවූ හැඟීමක් ලබා දීම සඳහාත් කඩදාසි මත එම ලිනෝ ආකෘතීන් සැලසුම් කිරීමට මාස 6 ක පමණ කාලයක් වැයවූ බව නිර්මාණ ශිල්පිනී ලින්ඩා පවසා ඇත.
මෙම මුද්දර මාලාව රොමැන්ටික කාව්‍යයේ කල් පවතින උරුමයට උපහාරයක් ලෙස පමණක් නොව, එදිනෙදා ජීවිතයට මුද්දර හරහා සාහිත්‍යමය අගය කිරීම ගෙන ඒමේ කලාත්මක උත්සාහයක් ලෙස ද සේවය කරයි.
නොස්ටැල්ජික් හෝ පරමාදර්ශී රූප හරහා මුද්දර බොහෝ විට ජාතික අනන්‍යතාවයන් ගොඩනඟයි. රජයේ උනන්දුවත් සමඟ එම අනන්‍යතාවයන් ගොඩනැගීමට ජාතික තැපැල් සේවයන් පෙරමුණ ගත යුතු බව නොරහසකි.
මුද්දරයක ප්‍රමාණයේ දැන්වීම් පුවරුවකින් ප්‍රබෝධමත් කවියට සාධාරණය ඉටු කිරීම දුෂ්කර නමුදු, රාජකීය තැපැල් සේවයේ රොමෑන්ටිකවාදය සමරන මුද්දර මෙම මගින් සොබා දහම ගැන, රෝමන්ටික්වාදය සහ මුද්දර සාහිත්‍යය ගැන සියුම් විශ්ලේෂණාත්මක හා පුළුල් කතාවක් අපිට කියාදෙයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com