16
November
2024
විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සරය (1874-2024) වෙනුවෙන් නිර්මාණය කරන ලද ලාංජනය ලෝකයේ සෑම තැපැල් පරිපලනයකටම පොදුවේ භාවිතා කිරීම සදහා ඔවුන් අවසර ලබා දෙයි. ශ්‍රී ලංකාව එම ලාංජනයම 2024 ඔක්තෝබර් 09 වැනි දින තැපැල් මුද්දරයක් (1) බවට පත් කළහ. නමුත් මොන්ටිනිග්‍රෝ තැපැල් අධිකාරිය එම ලාංජනය ඉන් ඔබ්බට රැගෙන ගියහ. මේ සමඟ ඇති (2) ජයාරූපයෙන් පෙන්නුම් කරන්නේ විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මොන්ටිනිග්‍රෝ රාජ්‍ය මඟින් 2024 ඔක්තෝබර් 16 වැනිදා නිකුත් කරන ලද සමරු මුද්දරයයි. පරවියන් භාවිතා කිරීමේ සංකල්පය, ලිපි සහ තැපැල් පද්ධතියේ පුළුල් ඉතිහාසය, යුග ගණනාවක් පුරා මානව නවෝත්පාදනයන් සහ සන්නිවේදනය පිළිබඳ ආකර්ෂණීය දර්ශනය පිළිබඳව ඔවුහු එම මුද්දරය තුලින් ලොවට කියාපායි.
තැපැල් මුද්දරයක් තැපෑල් බෙදාහැරීමේ මෙවලමකට වඩා වැඩි සේවයක් ඉටු කරනා බව නොදන්නා තැපැල් සේවයක අත්දැකීම් අපට උරුමවූ කාල පරිජේදයක් පැවතුනි. “මුද්දර යනු සන්නිවේදනයේ සහ සංස්කෘතියේ ආකාරයකි. ඒවා තමන්ගේම පණිවිඩයක් රැගෙන යමින් ලෝක අවබෝධයට මඟ පාදයි" යනු මුද්දරය ගැන දාර්ශනික අදහසකි.
තැපැල් මුද්දරය ඓතිහාසිකව රාජ්‍ය අධිකාරියේ ප්‍රබල සංකේත සහ ජාතික අනන්‍යතාවය ප්‍රවර්ධනය කිරීමේ උපකරණ විය. සාරධර්ම, ජයග්‍රහණ, නායකයින් සහ සමාජ ආරථික පණිවුඩ සන්නිවේදනය කිරීමට රජයන් දිගු කලක් තිස්සේ තැපැල් මුද්දර භාවිතා කර ඇත. මුද්දර සඳහා තෝරාගත් රූප සහ තේමා අධ්‍යයනය කිරීමෙන් දේශපාලන ආඛ්‍යාන ප්‍රකාශ කිරීමට, දෘෂ්ටිවාදාත්මක ස්ථාවරයන් ප්‍රක්ෂේපණය කිරීමට සහ පුරවැසියන් අතර සමගිය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට ජාතීන් ඒවා භාවිතා කරන ආකාරය හොඳින් අවබෝධ කර ගත හැකිය. තැපැල් මුද්දර රාජ්‍ය බලය සහ ජාතික අනන්‍යතාවය සමඟ ඡේදනය වන මේ ආකාරය ඔබ කියවා තිබේද?
* ස්වෛරීත්වයේ සහ රාජ්‍ය බලයේ සංකේත ලෙස තැපැල් මුද්දරය භාවිතය:
මුද්දර නිකුත් කල හැක්කේ සහ එහි අධිකාරි බලය පවතින්නේ රාජ්‍යයකට බැවින් එහි ඇති වටිනාකම ඉතා ප්‍රබලය. පවතින රජයේ දේශපාලන පණිවිඩ විකාශනය කිරීම සහ රාජ්‍ය න්‍යායපත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා මාධ්‍යයක් ලෙස මුද්දර ලොවපුරා භාවිතා කෙරේ. නිදසුනක් ලෙස බලයේ සිටින පාලන තන්ත්‍රයේ නීත්‍යානුකූලභාවය සහ අඛණ්ඩතාව අවධාරණය කරන රජයේ නායකයින්, දේශපාලන ප්‍රතිරූප, ඓතිහාසික ජයග්‍රහණ හෝ සංවත්සර එම මුද්දරවල ඇතුළත් විය හැකිය. බොහෝ අලුතින් ස්වාධීන හෝ යටත් විජිතකරණයට ලක් වූ ජාතීන් විසින් තැපැල් මුද්දර නිකුත් කිරීම මඟින් සිය ස්වයං පාලනය තහවුරු කිරීමේ පළමු ක්‍රියාවන් සිදු කරනු ලබයි. ඒ, තැපැල් මුද්දරය යනු රටක් හඳුනා ගැනීම සඳහා භාවිතා වන නිළලත් ලේඛනයක් වන හෙයිනි.
* ජාතික අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා තැපැල් මුද්දර භාවිතය:
ජන විවිධත්වය සහිත රටවල පොදු ලක්ෂණ ඉස්මතු කිරීමට සහ ඒකාබද්ධ ජාතික අනන්‍යතාවයක් පෝෂණය කිරීමට මුද්දර භාවිතා කරනු ලබයි. මුද්දර මත සිතුවම්ව ඇති ජාතික කොඩිය හා ජාතික ලාංඡන මගින් ඓතිහාසික උරුමයන් සහ සංස්කෘතික අභිමානය නිරූපනය කෙරෙයි. එමෙන්ම ඓතිහාසික චරිත, දේශපාලන නායකයන්, සංස්කෘතික නිරූපකයින් හෝ ජාතික වීරයන් මගින් අභිමානය පිළිබඳ හැඟීම ශක්තිමත් කරයි. මෙම සංකේතිය වටිනාකම් ඔවුන් නායකත්වය දුන් ජාතික සහ සමාජීය අරගල පිළිබඳ සිහිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස හාවිතා වෙයි. නිදසුනක් ලෙස ඉන්දියානු තැපැල් මුද්දරවල මහත්මා ගාන්ධිගේ රුව සටහන්වීම, දකුණු අප්‍රිකානු මුද්දරවල නෙල්සන් මැන්ඩෙලාගේ රුව සටහන්වීම හෝ ගෝලීයව තෙරේසා මවුතුමියගේ රුව සටහන්වීම සැලකිය හැකිය.
* ආඛ්‍යාන (narrative) පාලනය සහ දෘෂ්ටිවාදය සඳහා තැපැල් මුද්දර භාවිතය:
නිදහසේ සංවත්සර හෝ ජයග්‍රහණ වැනි සැලකිය යුතු සිදුවීම් හෝ පුද්ගලයන් මුද්දර මඟින් සලකුණු කරයි. මෙම මුද්දර මගින් ඉතිහාසය සැමරීම පමණක් නොව, වර්තමානයේදී රජයේ වටිනාකම් සමඟ සමපාත වන අංගයන් අවධාරණය කරමින් ඉතිහාසය තෝරා බේරා කියවීමට මූලාශ්‍ර ලබාදෙයි.
එසේම, රාජ්‍යයන් බොහෝ විට දේශපාලන ප්‍රචාරක සහ මහජන සම්බන්දතා මෙවලමක් ලෙස මුද්දර භාවිතා කරයි. එමගින් ඔවුන් සිය රජයේ මතවාදී ස්ථාවරයට අනුකූල වන පරමාදර්ශ හෝ නායකයින් ප්‍රවර්ධනය කරයි. නිදසුනක් වශයෙන් සෝවියට් දේශය ඔවුන්ගේ මුද්දර මත සිය කම්කරුවන්, සොල්දාදුවන් සහ කොමියුනිස්ට් නායකයින් නිරූපණය කර එම රාජ්‍යයේ දෘෂ්ටිවාදය ශක්තිමත් කරයි. ඒ හා සමානව, නාසි ජර්මනිය සිය පක්ෂපාතීත්වය ශක්තිමත් කිරීමේ මාර්ගයක් ලෙස හිට්ලර්ගේ රූපය ප්‍රදර්ශනය කිරීමට මුද්දර භාවිතා කර ඇත.
* ගෝලීය සංජානනය සහ රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ යැවීම සඳහා තැපැල් මුද්දර භාවිතය:
ගෝලීය වශයෙන් ධනාත්මක සහ සිත් ඇදගන්නා ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය කළ හැකි මෘදු බලය (soft power) සඳහා විවිධ රටවල් සිය සංස්කෘතික උරුමයන්, සොබා සුන්දරත්වය සහ ප්‍රසිද්ධ පුරවැසියන් යොදා ගනිමින් නිරූපණයන් කරනු ලබයි. තැපැල් මුද්දරයේ මෙම මෘදු බලයේ මෙවලමක් ලෙස භාවිතා කිරීමෙන් සංචාරක ආකර්ෂණය, සංස්කෘතික ප්‍රවර්ධනය, ගෝලීය සංජානනය සහ සංස්කෘතික ආර්ථිකයට විශාල බලපෑම් සිදු කළ හැකිය.
ජාත්‍යන්තර සහයෝගීතාවයට සහ එය සන්නිවේදනය කිරීමට මුද්දර භාවිතා කිරීම අරුමයක් නොවේ. නිදසුනක් වශයෙන්, සමහර ජාතීන් වෙනත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීමට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන සැමරීමට හෝ හවුල් සංස්කෘතික ව්‍යාපෘති ඉස්මතු කිරීමට මුද්දර නිකුත් කරනු ලබයි. මෙම මුද්දර සූක්‍ෂම ලෙස එම රටවල් ගෝලීය වේදිකාවේ ස්ථානගත කරමින් ඔවුන්ගේ සන්ධාන සහ සාරධර්ම ශක්තිමත් කරවයි.
* වෙනස් වීම සහ අනුවර්තනය පිළිබිඹු කිරීම සඳහා තැපැල් මුද්දර භාවිතය:
මුද්දරද කාලයත් සමඟ ජාතික ආඛ්‍යානවල වෙනස්වීම් පිළිබිඹු කරයි. මුද්දරයේ දෘශ්‍ය නිරූපනයෙන් සහ ගුණාත්මක තත්වයෙන් (වර්ණය, හැඩය, තාක්‍ෂණය හෝ යොදා ගත් කඩදාසි ආදිය) එහි තාක්‍ෂණික සහ සංස්කෘතික ප්‍රගතිය මනිනු ලබයි.
ජාතික ජයග්‍රහණවල අභිමානය සහ ප්‍රගතිය සංකේතවත් කරමින් තාක්ෂණික ජයග්‍රහණ, විද්‍යාත්මක සොයාගැනීම් හෝ කලා සහ මානව ශාස්ත්‍ර සඳහා වූ දායකත්වය සැමරීම සඳහා මුද්දර නිරතුරුව භාවිතා කරනු ලබයි. රජයන් සහ සමාජයන් පරිණාමය වන විට, මුද්දරවල ඇති තේමා සහ සංකේත බොහෝ විට වෙනස් වීම් වලට ලක් වේ. නිදසුනක් වශයෙන්, දකුණු අප්‍රිකාව සිය පශ්චාත් වර්ණභේදවාදී යුගය පිළිබිඹු කරමින් විවිධත්වය සහ එකමුතුකම අවධාරණය කිරීමට මුද්දර නිකුත් කිරීමට පටන් ගත්තේය.
* කලාත්මක හා සංස්කෘතික බලපෑම සඳහා තැපැල් මුද්දර භාවිතය:
තැපැල් මුද්දර යනු කුඩා කලා කෘතීන්ය. මුද්දර මගින් ජාතික අභිමානය සමඟ එදිනෙදා ජීවිතය සම්බන්ධ කරයි. එමෙන්ම ඒවා බොහෝ විට ජාතික සෞන්දර්යය ද ප්‍රදර්ශනය කරයි. එමගින් මුද්දර සංස්කෘතික භූ දර්ශනයට දායක වන අතර, කලාත්මක ශෛලීන්, දේශීය මෝස්තර සහ පුරවැසියන්ට හඳුනාගත හැකි නිර්මාණ අංග හඳුන්වා දෙනු ලබයි. එමෙන්ම මුද්දර මත වන ජනකතා, සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, ස්වභාවික භූ දර්ශන සහ උත්සව මගින් ජාතියක අනන්‍ය සංස්කෘතික උරුමය සිහි කැඳවයි. නිදසුනක් වශයෙන් සිංහල හා දෙමල අලුත් අවුරුද්ද මුද්දර මත භාවිතා කිරීම තුලින් අප රටේ පුරවැසියන් මෙන්ම විදේශිකයන් ද රටේ ජාතික අනන්‍යතාවයේ සහ බහු සංස්කෘතික සමාජයේ හුරුව සහ විචිත්‍රත්වය සමඟ සම්බන්ධ කරනු ලබයි.
එහෙයින්, ජාතික අනන්‍යතාවය, සාරධර්ම සහ බලය පිළිබඳ සියුම් නමුත් බලපෑම් සහගත දෘශ්‍ය තානාපතිවරුන් ලෙස මුද්දර දිගටම කටයුතු කිරීම සාධාරනීකරණය සදහා වෙන නිදසුන් අනවශ්‍යය.
මොන්ටිනිග්‍රෝ මුද්දරය අපට පෙන්වන්නේ මුද්දර ඇත්තේ ලියුම් තැපැල් කිරීමට පමණක් නොවන බව හදුනාගත් එවන් නිර්මාණාත්මක තැපැල් සේවයක හැඩයයි.
අපිත් එවැනි හැඩයකට ඉතා ඉක්මනින් හුරුවිය යුතුය. මේ ඒ පුනරුද යුගය සඳහා හොඳම කාලයයි
© kiyawanamuddara 2020 | Solution by 4meli.com