kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


24
August
2021

ඉතිහාස අධ්‍යයන මූලාශ්‍රයක් ලෙස තැපැල් මුද්දර - ප්‍රථම ලාංකීය වැඩමුළුව Postage stamps as visual historical sources ,An approach to promote historical competences in history lessons

ඉතිහාස අධ්‍යයන මූලාශ්‍රයක් ලෙස තැපැල් මුද්දර - ප්‍රථම ලාංකීය වැඩමුළුව
Postage stamps as visual historical sources ,An approach to promote historical competences in history lessons


ඉතිහාසය හැදෑරීම සඳහා මූලාශ්‍ර අවශ්‍ය වේ. අතීතය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර විවිධය. එය සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මුලාශ්‍ර ලෙස වර්ග කෙරේ. මේ වර්ග දෙකටම තැපැල් මුද්දරය අයත්වන බව පිළිබදව ලෝකය පිළිගනු ලබයි.

මෙරට ඉතිහාස අධ්‍යයන ක්ෂේත්‍රය තුල මේ අදහස ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර විශේෂඥ දැනුම බෙදා ගත් ප්‍රථම මාර්ගගත වැඩමුළුව 125 දෙනෙකුට අධික සහෘද සහභාගීත්වයෙන් අති සාර්ථකව 2021 අගෝස්තු 24 දින පැවැත්විණි.

HistoricalDialogue.lk (Sri Lanka) හි "සබැඳි ඉතිහාසය" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මාලාවක එක අංගයක් ලෙස පැවති මෙම වැඩමුළුව සඳහා ඉතිහාස ධර්ම විචාරකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ (International Society for History Didactics - ISHD) සභාපති හා ජර්මනියේ ඔග්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය සුසෑන් පොප් (Prof. Dr. Susanne Popp), එහි ඉතිහාස පර්යේෂක ශාස්ත්‍රපති ඩෙනිස් රොඩර් (Dennis Röder) සහ 'කියවන මුද්දර' මූලික දායකත්වය, යුරෝපීය ඉතිහාස අධ්‍යාපඥයින්ගේ සංගමයේ (EuroClio) මඟ පෙන්වීම හා HistoricalDialogue හි ජොහාන් පීරිස්ගේ සම්බන්ධීකරණය මේ සඳහා පුරෝගාමී විය.

"ප්‍රාථමික මූලාශ්‍ර යනු කිසියම් සිද්ධියක් හෝ අධ්‍යයනයක යෙදෙන අවධියකදී නිර්මාණය කරන ලද ප්‍රථම මූලාශ්‍ර වේ. ඒවා පුරාවස්තූන්, නිරීක්ෂණ, සිදුවීම් හෝ අත්හදා බැලීම් පිළිබඳ වාර්තා විය හැකිය. ඒවාට පොත්, සඟරා, පුවත්පත් ලිපි, ශ්‍රව්‍ය දෘශ්‍ය ද්‍රව්‍ය, නිල ලේඛන, මුද්‍රණය කර ඇති විශාල කඩදාසි පත්‍ර සහ අත් පත්‍රිකා, සංඛ්‍යාන දත්ත, විද්‍යාගාර පොත් සහ ලේඛනාගාර ද්‍රව්‍ය ඇතුළත් වේ. සිතුවම්, කාසි, මුද්දර සහ නිෂ්පාදිත භාණ්ඩ වැනි පුරාවස්තු ද ඒවාට ඇතුළත් ය." මූලාශ්‍රය: ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි ඊසානදිග විශ්ව විද්‍යාල පුස්තකාලය - https://library.northeastern.edu/.../rese.../primary-sources)

(Primary sources are first-hand sources created at the time of a particular event or period under study. They may be artifacts or observations or accounts of events or experiments. They include books, journal or newspaper articles, audio-visual materials, official documents, broadsides and pamphlets, statistical data, lab books, and archival materials. They also include artifacts such as paintings, coins, stamps, and manufactured items. - Source: The Northeastern University Library, Massachusetts, USA - https://library.northeastern.edu/.../rese.../primary-sources)

මේ වැඩසටහන සඳහා සක්‍රීයව එක්වෙමින් අදහස් දැක්වූ හා සුභාෂිංශන එක් කල සැමට "කියවන මුද්දර" අපගේ ස්තුතිය හිමිවේ.

නුදුරු දිනෙක මේ වැඩසටහනේ දිඟුවක් සමඟ හමුවෙමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com