11
January
2024
අදින් 75 වසරකට පෙර 1949 ජනවාරි 11 වන දින එවකට කථානායක ධූරය හෙබවූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ දී බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩල නියෝජිත මේජර් ජේම්ස් මිල්නර් මහතා විසින් ලංකා පාර්ලිමේන්තුවට සෙංකෝලය භාර දෙන ලදී. එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය:
“මහජන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන්, මා මෙය ඔබ වෙත ප්‍රදානය කරනවා. මෙම සෙංකෝලය ඔබගේ දේශයේ ඉතිහාසයත්, සම්ප්‍රදායත් අගනා අන්දමින් මූර්තිමත් කරන්නක්. මෙය මා දෙන්නේ ලක් ජනතාව විසින් ඔබ ගරු සභාවට පවරණ ලද ගරුත්වයත්, බලයත් පිළිබඳ සංකේතයක් වනු පිණිසයි."
සෙංකෝලය වූ කලී පාර්ලිමේන්තුව තුල කථානායකවරයාගේ අධිකාරී බලය පිළිබඳ සංකේතයයි. එමෙන්ම එය සමස්ථ මන්ත්‍රී මණ්ඩලයේ බලතල පිළිබවද සංකේතයයි.
සෙංකෝලයෙහි සැලැස්ම නිර්මාණය කිරීමේ ගෞරවය කොළඹ කාර්මික විද්‍යාලයේ චිත්‍ර කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරය දැරූ කලාසූරී එස්. පී. චාර්ල්ස් මහතාට හිමිවෙයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com