kiyawanamuddara.lk

Publication & Articles

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
August
2022

ඔබගේ වටිනා අදහසක් නව සමරු මුද්දරයක් බවට පත් කරන්නේ කෙසේද? 2023 වර්ෂයේ සමරු මුද්දර සදහා මහජන යෝජනා ලබාගැනීම ඇරඹුනා ..

මුද්දර එකතු කිරීම ලංකාවේ ක්‍රමිකව වර්ධනය වන ජනප්‍රියතම විනෝදාංශයක් වන අතර, විෂය සමාගම් බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලද සුවිශේෂී කටයුත්තකි. මුද්දර එකතු කිරීමේ සැබෑ පරමාර්ථය වනුයේ මුද්දරයෙන් විදහාලන සැබෑ ජාතික අනන්‍යතාවයන් හඳුනාගෙන ඒවා අධ්‍යයනය කිරිමයි.

තැපැල් දෙපාර්තමේනතුවේ මුද්දර කාර්යාංශය මඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් සිදුවීම්, සංවත්සර, සැමරුම්, සම්භාවනීය පුද්ගලයින්, ස්වභාව සෞන්දර්යය, ක්‍රීඩා, ජාතික අභිමානය සහ සංස්කෘතික විශේෂත්වය පිළිඹිබු වන ආදී විවිධ තේමාවන් යටතේ 2023 වසරේ සමරු මුද්දර නිකුත් කිරීම සඳහා මහජන අදහස් ලබාගැනීම සදහා අදාල ත්‍රිභාෂා නිවේදනය පුවත්පත් මගින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

එබැවින් යථෝක්ත තේමා පදනම් කරගෙන ලබන වසර සඳහා නිකුත් කිරීමට සුදුසු ඔබගේ මුද්දර යෝජනා 2022 සැප්ත්ම්බර් 30 දිනට පෙර ලිඛිතව අධ්‍යක්‍ෂක, මුද්දර කාර්යාංශය, තැපැල් මුලස්ථානය, අංක 310, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 01 යන ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සදහා අදාල දැන්වීම වෙත යොමුවන්න.

මුද්දර සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා කියවිය හැකි සමරු මුද්දර නිර්මාණය කිරීමට ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com