13
September
2021
රට තුල ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ඉදිරියෙන්ම සිටි ප්‍රමුඛතම මානුෂීය සංවිධානයක් වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මගින් සකසන ලද "සුවෝදය - වසරක සර්වෝදය කොවිඩ්-19 ප්‍රතිචාරය" වාර්තාව (2020 මාර්තු - 2021 මාර්තු දක්වා) සභාපති වින්යා ආරියරත්න මහතා විසින් 2021 සැප්තැම්බර් 13 වැනි දින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත හනා සින්ගර් මහත්මියට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම සිදුකරන ලදී.
කොවිඩ් 19 වසංගතයේ අහිතකර සමාජීය බලපෑම අවම කිරීම සඳහා නිර්මාණාත්මක විසදුම් සෙවීම උදෙසා ක්‍රියාත්මක වන "කියවන මුද්දර" අපගේ "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනද සර්වෝදය මගින් යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සාමය, සහජීවනය හා සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කෙරෙන සමාජ සත්කාරයකි.
මෙම බැරෑරුම් කාලසීමාවේදී ආයතනික හා සාමාජීය පුරවැසියෙකු ලෙස තමන්ගේ වගකීම පිළිබදව හොද අවබෝධයක් සහිතව කටයුතු කරනා සර්වෝදයේ මෙම මැදිහත්කාර ප්‍රවේශය පිළිබඳව වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ප්‍රමුඛ සර්වෝදයට අපගේ සුභාසිංශන පිරිනමන්නෙමු.
අදාල වාර්තාව මේ සමඟ යොමුකර ඇත ..
© kiyawanamuddara 2020 | Solution by 4meli.com