kiyawanamuddara.lk

Publication & Articles

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


04
September
2021

කොරෝනා කාලේ, ලියුම් ලියන තාලේ

"අරුණ" පුවත්පත,වරුණ අතිරේකය 

කොරෝනා වසංගතයත් සමග ලෝකයට අගුළු වැටි ඇත්තේ මිලියන ගණනක ජනතාවක් හුදකලා කරමින්ය. දිනෙක අප කවුරුත් ප්‍රාර්ථනා නොකළ දෙයක් සිදුවෙමින් පවතී. ගෝලීය වසංගතය අපව ගෙනැවිත් තිබෙන්නේ තීරණාත්මක තැනකටය. මතක ඇති ඉතිහාසය තුළ අප සියලු දෙනා අතර සබඳතාවයන් මෙතරම් දුරස් කර නොමැති තරම්ය. මිනිසුන්ව මෙතරම් හුදකලා කර නොමැත.

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" (WRITE A LETTER AND BRING A SMILE) ව්‍යාපෘතිය මඟින් පුර්ව පශ්චාත් කොරෝනා සමයේදී අකුරුවලින් සජිවිකරණයෙන් නිර්මාණශීලීවීමට සහ අනාගතයට ලිවීමට සෑම දෙනාටම වේදිකාව විවර කර දෙයි. එතැනින් නොනැවතී බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩය සහිත ලිපි, තැපැල්පත් හුවමාරු කරවීමටයි.

2021 සැප්තැම්බර් 04 ඉරිදා "අරුණ" පුවත්පතේ "වරුණ" අතිරේකයට විශේෂාංග රචක ඉන්දික සංජිව විතාන මහතා විසින් තබා ඇති අගනා සටහන "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන පිළිබඳව කෙරුණු අපූර්ව විවරණයකි.

ජනමාධ්‍යය මගින් ලබා දෙන මෙම ප්‍රචාරණය අපට මහත් ආශිර්වාදයකි; ශක්තියකි.

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි. ශ්‍රී ලංකාව තුල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සර්වෝදය ව්‍යාපාරයයි.

සබරගමුව පළාතේ රත්නපුර මහජන පුස්තකාලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය මහජන පුස්තකාලය සහ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව කිරිමැටියාන මහජන පුස්තකාලය පදනම් කරගනිමින් සිදුකරන ලද මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා සහය වූ සැමටත් ජායාරුපයෙන් වැඩසටහන් මතකයන් ඔපවත් කල රුවන් මීගම්මන සොහොයුරාට අපගේ හෘදයාංගම ස්තුතිය හිමිවේ.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com