kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


17
October
2022

බදුල්ල - මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය

බදුල්ල මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය 2022 ඔක්තෝබර් 17 සිට 19 දක්වා උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා බදුල්ල තැපැල් සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ ඌව නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය, බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සමඟින් මුද්දර කාර්යාංශය යි.

ඌව පළාතේ මුද්දර එකතු කරන්නන්ට, මුද්දර කියවන්නන්ට, පුස්තකාල, පාසල් සහ විශ්ව විද්‍යාලය දූ දරුවන්ට මෙය අනඟි අවස්ථාවකි. දෙමෝදර රේල් ගැටේ සහ ආරුක්කු නවයේ පාලම, දුන්හිද සහ දියළුම දිය ඇලි, බෝගොඩ පාලම, මුතියංගනය සහ මහියංගනය, ඌව වෙල්ලස කැරැල්ල, ශාන්ත මරියා ආසන දෙව්මැදුර, කතරගම පෙරහැර ආදී ඌව නියෝජිත තේමාවන් උදෙසා නිකුත් කර ඇති සමරු මුද්දර මගින් ඌවේ සුන්දර අසිරිය සිතුවමකට කැටි කොට ඇති අපූර්වත්වය අත්විදින්න.

බොහෝ කලකට පසුව බදුල්ල කේන්ද්‍ර කරගෙන පවන්වන මෙම මුද්දර දැක්ම සහ වෙළඳ සල්පිලට ඔබත් සහභාගී වන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com