05
March
2022
"කියවන මුද්දර සමඟ මුද්දර වලින් ඉතිහාසය කියවීම" වැඩමුළුව 2022 මාර්තු 5 වන සෙනසුරාදා ප.ව. 2 සිට පස්වරු 4 දක්වා කොළඹ 3, ක්‍රෙස්කැට් බූලෙවාඩ් (Crescat Boulevard) හි බිම් මහලෙහි ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේදී (Museum of Modern and Contemporary Art Sri Lanka - MMCA Sri Lanka) පැවැත්වේ. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය ගැන ඉගෙනීමේදී මුද්දරවල අධ්‍යාපනික හැකියාවන් "කියවන මුද්දර" මෙහිදී ගවේෂණය කරනු ඇත.
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය, පර්යේෂණ, එකතු කිරීම සහ සංරක්ෂණය සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජන කෞතුකාගාරයයි. මෙහි "හමුවීම්" (encounters) නම් වූ නූතන සහ සමකාලීන කලා ප්‍රදර්ශනය 1976 කොළඹදී පැවති 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා පත් කරන ලද සේනක සේනානායකයන් ගේ කෘතියක් කේන්ද්‍ර කර ගෙන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආත්මය සමඟ සම්බන්ධ වූ කලා කෘති, සමරු පුරාවස්තු සහ සාහිත්‍ය ප්‍රකාශන රැසක් සමඟ තෝරාගත් දේශීය මුද්දර කිහිපයක් 2022 අගෝස්තු 28 දක්වා ප්‍රදර්ශනය කරයි. මෙම කෞතුකාගාරයේ ඉලක්කය වන්නේ රටේ නවීන සහ සමකාලීන කලාව පිළිබඳ දැනුවත්භාවය පමණක් නොව කොළඹ නගරයේම පැතිකඩ ඉහළ නංවන අද්විතීය, ගුණාත්මක කෞතුකාගාර අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීමයි. බදාදා සිට ඉරිදා දක්වා පෙ. ව. 10.00 සිට ප.ව. 6 දක්වා විවෘතව ඇති මෙම කෞතුකාගාරයට ඇතුළුවීම නොමිලේ (සියළු වැඩසටහන් ඇතුළුව) ය.
ඔබත් එන්න .. "කියවන මුද්දර" සමඟ මුද්දර වලින් ඉතිහාසය කියවන්න ..
https://www.facebook.com/events/311694620940511
කැමරා සිත්තම: රුවන් මීගම්මන
© kiyawanamuddara 2020 | Solution by 4meli.com