kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


24
August
2021

ඉතිහාස අධ්‍යයන මූලාශ්‍රයක් ලෙස තැපැල් මුද්දර

ඉතිහාසය ඉගැන්වීමේ නිර්මාණාත්මක ක්‍රමවේද පිළිබඳ වැඩමුළුව #1

ඉතිහාස අධ්‍යයන මූලාශ්‍රයක් ලෙස තැපැල් මුද්දර

තැපැල් මුද්දර යනු කුඩා නමුත් බලවත් දෘශ්‍ය තානාපතිවරුන් වන අතර,

එය ලොව පුරා රටවල් වෙත ජාතික අභිමානය සන්නිවේදනය කරයි.

මුද්දර යනු තැපැල් මෙහෙයුම් මෙවලමක් පමණක් නොව ජාතියක සංස්කෘතිය විදහා දක්වන දෘශ්‍ය සංකේත වේ.

මුද්දරයේ සිතුවම ජාතියේ දෘෂ්‍ය අර්ථ සංසරණය, කළමනාකරණය සහ හැඩ ගැස්වීමේ කේන්ද්‍රීය ආයතනයක් ලෙස ක්‍රියා කරයි.

අධ්‍යාපනයේ විශාල අවකාශයක් සඳහා කවුළුවක් බවට පත් වන විචිත්‍රවත් මුද්දරය, ශ්‍රී ලාංකේය දීර්ඝ ඉතිහාසයේ අසාමාන්‍ය හා සුවිශේෂී මතකයන් පිළිබඳ අලුත් ඇසකින් සහ නැවුම් කාචයකින් බැලීමට ඔබට ආරාධනා කරයි.

මෙම වැඩමුළුව 2021 අගෝස්තු 24 වන අඟහරුවාදා සවස 6:00 සිට රාත්‍රී 8:00 දක්වා පැවැත්වේ.

එය මෙහෙයවනු ලබන්නේ කියවන මුද්දර හි නිරෝෂණ පීරිස් හා ඉතිහාස ධර්ම විචාරකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ ඩෙනිස් රොඩර් සහ සුසෑන් පොප් විසිනි.

මෙම වැඩමුළුවේදී මුද්දරය ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සහ මුද්දර වල සුවිශේෂී ලක්‍ෂණ පිළිබඳව අවධානය යොමු කරන අතර, ඉතිහාසය ඉගැන්වීම සඳහා විශේෂයෙන් ගැලපෙන උදාහරණ සමඟින් ඉතිහාස පාඩමක මුද්දර සමඟ වැඩ කළ යුතු ආකාරය පිළිබඳ හඳුන්වා දෙනු ඇත.

මේ සඳහා එක් වීමට ලියාපදිංචි වන්න.

ලියාපදිංචිය සඳහා :

https://us02web.zoom.us/.../tZYlfuGurz0iGdKDHX7IZpa4uJQ3C...

ඉතිහාස ගුරුවරුන්, පුස්තකාලාධිපතිවරුන්, ඉතිහාස පර්යේෂකයින්, උපාධි අපේක්ෂකයින්, කථිකාචාර්‍යවරුන් සහ නව අධ්‍යයන ප්‍රවේශ කෙරෙහි උනන්දුවක් දක්වන සැම සඳහා ඉතා සුදුසු ය.

Zoom මඟින් ඉංග්‍රීසි/සිංහල සිට දමිළ බසට පරිවර්තනය ලබා දෙනු ඇත.

මෙම වැඩමුළු මාලාව සහ ඉතිහාස ගුරු පුහුණු ද්‍රව්‍ය වර්ධනය සඳහා සත්කාරකත්වය සපයන්නේ "සබැඳි ඉතිහාසය" ව්‍යාපෘතියයි. - HistoricalDialogue.lk (Sri Lanka), ISHD සහ EuroClio - යුරෝපීය ඉතිහාස අධ්‍යාපඥයින්ගේ සංගමය අතර සහයෝගිතාවයකි.

අගෝස්තු 24 වැනිදා ඔබව මාර්ගගතව හමුවීමට අපි බලා සිටිමු.

Announcing the first workshop by historicaldialogue.lk

on Creative Teaching Methodologies for #history!

Calling all teachers, students, history lovers, and stamp collectors Interested in learning how stamps can tell stories of key historical moments?

Looking for an engaging way to teach history or visual sources for research? Join us on Tuesday, 24 August, 6-8pm, register via the link https://us02web.zoom.us/.../tZYlfuGurz0iGdKDHX7IZpa4uJQ3C...

EuroClio - European Association of History Educators



© kiyawanamuddara 2020 | Solution by 4meli.com